ශු. බෙනඩික් තුමා - ක්‍රි. ව 480 - 542
උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ' ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා" යි ගායනා කරමිනි. එහි ගිය විට " දැනුත් සදහටත්" කියා යම් හඩක් ඇසුණු විට බෙනඩික් තිගැස්සුනේය. එවිට ඔහු වටපිට බලන්නට විය. ඒ අවස්ථාවේදී ස්වල්ප දුරක වයස්ගත තාපසයෙක් සිටිනු දුටුවේය.
බෙනඩික් තමාට හුදකලා ජිවිතයක් ගත කිරීමට තිබෙන ආශාව මේ තාපසයාට පැවසිය. තාපසයාද තරුණයාට සවන් දී, ඔහුට වන වාසින් පළදින රළු හම් ඇදුමක් දුන්නේය. දිලිදුකම, හිග පාඩු ඇතිව සිටීම, සීතලය සහ නොයෙක් අපහසු කම්, තනිකම හා යාච්ඤාව මේවා මගින් ඔහු අදහස් කලේ තමා දමනය කර දෙවියන් වහන්සේට වඩ වඩා ලංවීමය.
බෙනඩික් සිතුවේ මෙවැනි පරිසරයක දෙවියන් වහන්සේට ලංවීම පහසු බවය. නමුත් යක්ෂයා නොයෙක් මාර්ග වලින් ඔහු පරික්ෂා කළේය. බොහෝ අවස්ථා වලදී ඔහුට මාංශික පරික්ෂාවල් පැමිනෙව්වේය. එහෙත් නොයෙක් පශ්චාත්තාපී ක්‍රියා මගින් ඔහු මේවා දුරු කළේය. යාච්ඤාව හා පශ්චත්තාපය ඔහුගේ දෛනික ආහාරය විය. මෙලෙස ගල්ගුහාවේ ගත කල අවුරුදු 3 පසු ඔහුගේ චිත්තය හා චරිතය වේගයෙන් වර්ධනය වී ප්‍රබල වුයේය.
ඔහුගේ ශුද්ධවන්තකමත්, නොයෙක් ප්‍රාතිහාර්යයන් කිරීමේ බලය සහ අන් අයට මග පෙන්වීම ගැන අවට සිටින අයට දැනගන්නට ලැබී, බොහෝ අවංක අනුගාමිකයෝ ඔහු වෙතට ආකර්ෂණය වුහ. ඔවුන් ආරාම 12 ක පදිංචි කෙරෙව්වේය. එක් එක් ආරාමයක එයට අයත් ශේෂ්ඨතුමා සහ තාපසයන් 12ක් බැගින් නිවාසගත කළේය. මෙලෙස ඔහු තාපස ජීවිතය ආරම්භ කළේය. මේ හැර ශු. බෙනඩික් තුමා තරුණයන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය සදහා පාසල් පිහිටෙව්වේය. ඔහුගේ සඵලත්වය දුටු සමහරු ඊර්ෂ්‍යාවෙන් ඔහුට සතුරු කම් කරන්නට පටන් ගත්තේය. එබැවින් ක්‍රි. ව 529 දී ඔහුගේ අනුගාමික ප්ලසිඩස්ගේ පියාගෙන් ලැබුණු තෑග්ගක් වන මොන්ටකැසිනෝ නම් ස්ථානයට ගියේය. එතැන්හිදීද ඔහු බෙනඩික්තානු නිකායේ මව් ගෘහය වූ විශාල තාපසාරාමය ගොඩනැගුවේය. මේ අලුත් ගොඩනැගිල්ල රෝමයේ නේපල්ස් යන ගමන් මාර්ගයක කදු මත ඇති ආලෝකය විහිදුවන පහන් කණුවක් මෙන් විය. ක්‍රි. ව 526 දී බෙනඩික් තුමා ලියු ව්‍යවස්ථා මාලාවේ අරමුණ වුයේ සුවිශේෂක අනුශාසනා අනුව තාපසයන්ගේ විනය හා ආත්මික හැඩගැස්මය. එයින් විශේෂයෙන් පැතුවේ ජීවමාන සාමුහික ජීවිතය හා ප්‍රීතිදායක කිකරුකමය. තවද ඒ නියෝග වලින් කීකරු කම යටතේ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමේ වටිනාකම එතුමා පෙන්වා දුන්නේය. මන්ද අලස මිනිසෙකුගේ ආත්මය තුල දේව වරප්‍රසාදය ක්‍රියා කරන්නේ නැත. එසේ උද්යෝගිමත්ව ක්‍රියා කිරීමට එකතු කලේ යාච්ඤාව, දේව වන්දනාවට අයත් ඔපිස් යාච්ඤාව සහ වෙනත් යාච්ඤා අභ්‍යාසයන්ය. වංශවත් සිටුවරුද, සාමාන්‍ය දිළිදු අයද, බෙනඩික් තුමා විසින් ආරම්භ කල මේ නිශ්චල, ශේෂ්ඨ සමබර ජිවිත ක්‍රමයට ආකර්ෂණය වුවෝය.
ගොත්වරුන්ගේ රජවූ ටොට්ලා පවා බෙනඩික්තුමාගේ මේ සේවය කොතරම් අගය කලේද කිවහොත්, ඔහුගේ කෘර, වනචාරි ගති දමනය කළේය. ශු. බෙනඩික් තුමා ස්වර්ගස්ථ වුයේ ඔහු තාපසාරාමයේ මහා අල්තාරයේ ඉදිරියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ පසු ඇත ඔසවමින් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීය. ඔහුගේ නිකාය ශු. සභාවට ශුද්ධෝත්තම පාප්වහන්සේලා 24 ක්ද, රදගුරුතුමන්ලා 4600ක් ද දානය කර ඇත. මේ හැර මුළු මිනිස් සංහතියටම එතුමා දේව වන්දනාව හා ධර්මදානය මගින් කිව නොහැකි තරම් සේවයක් කර ඇත.
එතුමාගේ මංගල්‍යය මාර්තු 21 වන දිනට යෙදේ.
Thursday, March 21, 2013
Wednesday, March 20, 2013
ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!
කිතුණු පුවත්
පළමුවැනි ප්‍රැන්සිස්, අභිනව පාප්වහන්සේ රෝමයේදී ජනමාධ්‍යය ඉදිරියේ පෙනී සිටිමින්, දුප්පතුන්ට මෙහෙ කිරීමේ තමන්ට පැවරුන දූත කාර්යය කතෝලික සභාවේ සිහියට ගත යුතු බව ප්‍රකාශ කරති
අභිනව පාප්වහන්සේගේ අදහස් තුලින් පෙනී ගියේ, කතෝලික සභාව, ඉතා චාම් සරළ දිවි පෙවෙතක් සහිත ආයතනයක් බවට පත්වීම, උන්වහන්සේගේ අභිප්‍රාය වන බවයි.
ශාන්ත ප්‍රැන්සිස් මුනිදුන්ගේ නාමය තම සිහියට නැගුනේ, උන්වහන්සේ පාප්වරයට තෝරා පත්කර ගනු ලැබීමෙන් අනතුරුව බවයි පළමු ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ.සියගණනක් මාධ්‍යවේදීන් ඉදිරියේ තවදුරටත් කරුණු පැහැදිලි කළ අභිනව පාප්වහන්සේ ,සරල චාම් භාවයේ, සාමයේ සහ දිළිඳු ජනතාවට සේවය කිරීමේ සංකේතයක් වන, අසිසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිඳුන්ගේ නමින්, පළමු ප්‍රැන්සිස් යන සිය නිලනාමය තෝරාගත් බවත් සඳහන් කළේය.
පදවියට පත් වූ මොහොතේ, එක් කාදිනල්වරයෙකු තම හිසට තට්ටු කර, දුප්පතුන් අමතක නොකරන්නැයි කී වේලෙහි, ප්‍රැන්සිස් මුනිඳුන් නාමය සිහියට නැගුන බවයි, උන්වහන්සේ පවසන්නේ
පළමුවැනි ප්‍රැන්සිස් අභිනව පාප්වහන්සේ ආයාසයකින් තොරව, එසේම ඉතාම සැහැල්ලුවෙන් අදහස් පළ කළ විලාශය මගින් ඉස්මතු කෙරුනේ උන්වහන්සේ තම පූර්ව ප්‍රාප්තික පාප්වහන්සේලාට වඩා සාම්ප්‍රදායික නොවන වෙනස් මාවතක ගමන් කරනු ලබන ආකාරයකැයි මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.
බයිබලයේ වැකි
දැහැමිකම දන්න, සිය සිත් වල මාගේ අණපනත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුබලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළබෙන්න. ( යෙසායා 51 : 7 )
Sunday, March 17, 2013
Thursday, March 14, 2013
නව පාප්තුමාට අපි හදවතින් සුබ පතමු....
නව පාප්තුමෙකු ආර්ජන්ටිනාවෙන්
2013-පෙබරවාරි 28 වන දින 16 වන බෙනඩික්ට් පාප්තුමා ඉසිඹු ලැබිමෙන් පසු නව පාප්තුමෙකු සඳහා වතිකානුවේ පැවති චන්ද විමසිමෙන් ආර්ජන්ටිනාවේ බුවර්නෝර්ස් අයර්ස් නුවර 76 හැවිරිදි කාදිනල් ජෝර්ජ් මාරියෝ බර්පිලියෝ නව පාප්තුමා වශයෙන් තෝරා ගත්තා..මෙහි සුවිෂේශ නමකට එතුමන්ගේ නම වෙනස් කර අතර 1වන ෆ්‍රැන්සිස්කු ලෙස මින් ඉදිරියට හඳුන් වනු ඇත...ලෝකයේ බිලියන 2ක කතෝලිකයන් නියෝජනය කරන්නට යන නව පාප්වහන්සේ ලෝකයේ පලමු වතාවට ලතින් ඇමරිකානු රාජ්‍යකින් බිහි විත ඇත..අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා අපගේ නව පාප්තුමාව..ඔහුව එතුමන්ගේ රැකවරණය නිතින ලබා දෙන මෙන් දෙවිදු යදිනවා....ජේසු පිහිටයි
Sunday, March 10, 2013
බයිබලයේ වැකි,
තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය. ( ශු. ලුක් 18 : 14 )
දොමිනික් සාවියෝ තුමා
ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 - 1857 )
ශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.
කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.
දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. " මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.
පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.
එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.
වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. " අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? "
ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජෙසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.

Wednesday, March 6, 2013
පරිස්සම්වන්න
රඟපාන්න දෙන්නම් කියන අයගෙන් පරිස්සම්වන්න
චිත්‍රපට වල හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ඇති බවටත්, නර්ථන කණ්ඩායම්වල නර්ථනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත්, විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගී කරගෙන දැන්වීම් පලකර කාන්තාවන් හා තරුණ ගැහැණු ළමුන් රවටා ඔවුන් නොයෙක් අපචාර ක්‍රියාවලට යොදවා ගැනීම් පිළිබඳව තොරතුරු වාර්ථා වී ඇතැයි පොලිසිය පවසයි.
ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම් පලකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමුන්ද රවටා අපචාර ක්‍රියා වලට යොදවාගත් බවට පසුගිය කාලයේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබී ඇත.
එලෙස රැකියා අවස්ථා ඇති බවට පලකරණු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකතන අංකයන් නොමැති බවටද අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයකි.
කිසිදු සොයා බැලීමකින් තොරව රඟපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.
තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක්වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ වාර්ථාවී ඇත.
එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පලකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලිනාට්‍ය වල රඟපෑමේ අරමුණින් අදාල පාර්ශවයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරික්ෂණ වලට සහභාගිවන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හෙඳින් සොයා බලා එම ආයතනවල විශ්වාසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරතවන ලෙසට පොලිසිය මහජනතාව දැනුවත් කර සිටී.

Tuesday, March 5, 2013
දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
Tumaco හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.
මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් තේය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.
මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් තේයMonday, March 4, 2013
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු ....
දෙව වචනය නම් මෙයයි ..
මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට උවද එසේ නොකලානම් එය නොකළේ මටය...
( ශු. මතෙව් 25 : 45 )
Thursday, February 14, 2013
අද වැලන්ටයින් දිනය නේද?
වැලන්ටයින් තුමා හදුනාගෙන කටයුතු කරමු !!!
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි. එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි. මෙදින වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. තම මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීමටත් යුහුසුළු වෙති. මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.
වැලන්ටයින් තුමා යනු කවුද? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි
එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජක වරයෙකි වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා මරා දැමීමට නියම කළේය. මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් මරණයට තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස ගසා දමන වදකයාගේ දියණිය විය.
එසේම මෙතුමා " ආදරවන්තයින්ගේ වීරයා" ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය. රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණියය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.
මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය. අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.
Thursday, January 10, 2013
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!
අසිරිමත් නත්තල වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් ගවලෙන් ඉදි කිරීම සිදු කෙරේ.ඒ බොහෝ විට කිතුණු බැතිමතුන්ගේ නිවෙස් තුළය.නමුත් විහාරස්ථානයක ස්වාමින්වහන්සේලා සහ තරුණ බෞද්ධ සමිතිය එක්ව ගවලෙනක් ඉදි කර තිබේ.මාරවිල - දෙමටපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මඩුකුඹුරුමුල්ලේ විමලඥාන ස්වාමීන් වහන්සේ තම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයද එක්ව විහාරස්ථානය ඉදිරිපිට දර්ශණීය ගවලෙනක් ඉදි කළේය.මේ එකී ගව ලෙන ඉදි කළ අවස්ථාවයි.

සාන්ත නිකුලා තුමා හෙවත් නත්තල් සීයාව වෙළඳ භාණ්ඩයක් නොකරමු

නත්තල් සීයා ලෙස පුංචි දරුවන් අතර වඩාත් ජනප්‍රිය සාන්ත නික්ලස් තුමා අද නත්තල් සීයා නමින් වෙලඳ භාණ්ඩ බිහිවී ඇත නත්තල් සීයා ලෙස පුංචි දරුවන් වඩාත් ප්‍රිය කරන සාන්ත නික්ල්ස තුමා (නිකුලා) ...අද අන්තර්ජාලයේ නත්තල් සීයා නමින් සල්ලාලයන් සිටිනවා..වෙලඳ භාන්ඩ සඳහා නත්තල් සීයා යොදා ගන්නවා ඇත්තටම නත්තල් සීයා කවුද? කියාවත් නොදැන අධර්මිශ්ඨ සමාජය ඔහුව විකුණා කනවා...සැබෑ නත්තල සැමරු සාන්ත නිකුලා තුමා දුප්පතුන් සමග තම නත්තල බෙදා හදා ගත් බව නොදැන අසභ්‍ය චායාරූප පවා ඔහුට එක් කර ඔහුව විවේචනය කරයි...වර්තමානයේ ලංකාවේ අන්‍යාගමිකන් පවා ඔහුව විවේචනය කරයි..කිතුණු අප තාඩන,පීඩණ,විවේචන මතින් බිහිවු දහමකී අපි එය ඉවසනවා... ක්‍රි.ව 270 වේදි ඔහු තුර්කියේ උපත ලැබුවේය සාන්ත නිකුලස් තුමා ධනවත් පවුලකින් පැවත ආ කෙනෙකු..ඔහු සියල්ල අත හැර ජේසුස් වහන්සේගේ ගමන සඳහා ඔහු එක් වුවා.. ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තාන පෙලක්
1 ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිට සිරගත වු අවස්තාවන් එමටයි .
2 දෑවැද්ද දීමට නොහැකිව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞව්වණියන්ට රන් ආභරණ ලබා දීම .
3 බිලි පුජාව සඳහා ඝාතනයට සූදානම් කල දරුවන්ගේ ජීවිතය බේරාගැනිම .
4 මුහුදේ කුණාටු නිශ්චල කිරීම .
5 ඉඩෝර සමයේදි දිළිඳුන්ට ආහර ලබා දීම.
6 අසාධාරණ ලෙස මරණ දණ්ඩණය නියමවු මිනිසුන් බේරා ගැනීම.
7 නෞකා ආශිර්වාද කිරීම.
8 සාන්ත නිකුලා මුනිදුන් මළවුන්ගෙන් නැගිට වු දරුවන් තිදෙනා සහ දේව වචනය ඇතැතිව .
9 ඔහු නත්තලට දරුවන්ට තෑගි බෙදා දීම.
10 ඔහුගේ ස්වර්ගස්ත වීම මා මෙහි උපුටා දැක්වූවේ සුලුවෙන් මෙතුමා කල සේවය අති මහත්ය..
ශුද්ධවු නිකුලස් මුනිඳුන් ත්‍යාගශීලි,තමන්සතු දේ දිළිඳුන් සමග බෙදාගත් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් ය. එබැවින් උන්වහන්සේගේ සැබෑ ජීවිතය විකෘතී කරන වෙළන්ඳ ලෝකයෙන් උන්වහන්සේව බේරා ගන්නා ලෙස මෙම ආගමන කාලය තුල අපි දෙවිදුන් යදිමු... ජේසු පිහිටයි වැඩි විස්තර සඳහා http://en.wikipedia.org/ wiki/Saint_Nicholas
නත්තල් සීයා ලෙස පුංචි දරුවන් අතර වඩාත් ජනප්‍රිය සාන්ත නික්ලස් තුමා අද නත්තල් සීයා නමින් වෙලඳ භාණ්ඩ බිහිවී ඇත නත්තල් සීයා ලෙස පුංචි දරුවන් වඩාත් ප්‍රිය කරන සාන්ත නික්ල්ස තුමා (නිකුලා) ...අද අන්තර්ජාලයේ නත්තල් සීයා නමින් සල්ලාලයන් සිටිනවා..වෙලඳ භාන්ඩ සඳහා නත්තල් සීයා යොදා ගන්නවා ඇත්තටම නත්තල් සීයා කවුද? කියාවත් නොදැන අධර්මිශ්ඨ සමාජය ඔහුව විකුණා කනවා...සැබෑ නත්තල සැමරු සාන්ත නිකුලා තුමා දුප්පතුන් සමග තම නත්තල බෙදා හදා ගත් බව නොදැන අසභ්‍ය චායාරූප පවා ඔහුට එක් කර ඔහුව විවේචනය කරයි...වර්තමානයේ ලංකාවේ අන්‍යාගමිකන් පවා ඔහුව විවේචනය කරයි..කිතුණු අප තාඩන,පීඩණ,විවේචන මතින් බිහිවු දහමකී අපි එය ඉවසනවා... ක්‍රි.ව 270 වේදි ඔහු තුර්කියේ උපත ලැබුවේය සාන්ත නිකුලස් තුමා ධනවත් පවුලකින් පැවත ආ කෙනෙකු..ඔහු සියල්ල අත හැර ජේසුස් වහන්සේගේ ගමන සඳහා ඔහු එක් වුවා.. ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තාන පෙලක්
1 ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිට සිරගත වු අවස්තාවන් එමටයි .
2 දෑවැද්ද දීමට නොහැකිව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞව්වණියන්ට රන් ආභරණ ලබා දීම .
3 බිලි පුජාව සඳහා ඝාතනයට සූදානම් කල දරුවන්ගේ ජීවිතය බේරාගැනිම .
4 මුහුදේ කුණාටු නිශ්චල කිරීම .
5 ඉඩෝර සමයේදි දිළිඳුන්ට ආහර ලබා දීම.
6 අසාධාරණ ලෙස මරණ දණ්ඩණය නියමවු මිනිසුන් බේරා ගැනීම.
7 නෞකා ආශිර්වාද කිරීම.
8 සාන්ත නිකුලා මුනිදුන් මළවුන්ගෙන් නැගිට වු දරුවන් තිදෙනා සහ දේව වචනය ඇතැතිව .
9 ඔහු නත්තලට දරුවන්ට තෑගි බෙදා දීම.
10 ඔහුගේ ස්වර්ගස්ත වීම මා මෙහි උපුටා දැක්වූවේ සුලුවෙන් මෙතුමා කල සේවය අති මහත්ය..
ශුද්ධවු නිකුලස් මුනිඳුන් ත්‍යාගශීලි,තමන්සතු දේ දිළිඳුන් සමග බෙදාගත් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් ය. එබැවින් උන්වහන්සේගේ සැබෑ ජීවිතය විකෘතී කරන වෙළන්ඳ ලෝකයෙන් උන්වහන්සේව බේරා ගන්නා ලෙස මෙම ආගමන කාලය තුල අපි දෙවිදුන් යදිමු... ජේසු පිහිටයි වැඩි විස්තර සඳහා http://en.wikipedia.org/
හිටපු නායක මහේල ජයවර්ධනගේ ජීවිතේ සත්‍ය අනාවරණයක්
- මහේලගේ අපි නොදුටු පැත්ත -
වසර 3කට පෙර ,
දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
-------------------------- -------------------------- -------------------------- --------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------- -------------------------- -------------------------- -------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.

මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./ පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින් )
වසර 3කට පෙර ,
දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
--------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
--------------------------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
--------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./
Thursday, December 27, 2012
මගේ ආදර තාත්තා
You’re My Hero
You’re my hero, my foundation
I’m filled with love, and appreciation
You protect me and care for me
My true friend, my Dad
Deep within my heart
You’ll always be the best man in the world
My hero, my Dad
Life Lessons
You may have thought I didn’t see, or that I hadn’t heard,
Life lessons that you taught to me, but I got every word.
Perhaps you thought I missed it all, and that we’d grow apart,
But Dad, I picked up everything, it’s written on my heart.
Without you, Dad, I wouldn’t be the woman I am today;
You built a strong foundation, no one can take away.
I’ve grown up with your values, and I’m very glad I did;
So here’s to you, dear father, from your forever grateful kid

ගෙදර බුදුන් තියලා ඔබේ දෙපා වදින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැක ගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න
දිවා රැයේ සොයා බැලු අප ගැන කරුනු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොළොස්මහේ පහණ වගේ දැල්වී නිවුනු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී
කවා පොවා හදා වඩා දුක සැප විමසු
දයාබරව හිස අතගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ රැදුණු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැක ගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න
දිවා රැයේ සොයා බැලු අප ගැන කරුනු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොළොස්මහේ පහණ වගේ දැල්වී නිවුනු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී
කවා පොවා හදා වඩා දුක සැප විමසු
දයාබරව හිස අතගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ රැදුණු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී
පව්කාරියට ගල්ගැසිය හැක්‌කේ නිර්දෝෂීන්ට පමණයි!

සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ අසිරිමත් නත්තල උදාවී තිබේ. කිතු උපත පිළිබඳ බයිබලයේ දැක්‌වෙන්නේ නීතිගරුක සමාජයක් ලොව ස්‌ථාපිත වනු දැක්‌මේ අභිලාෂයෙන් දේවෝත්තමයාණන් වහන්සේ සිය පුතණුවන් මෙලොවට එවූ බවය.
සාමයෙන් සහ සහජීවනයෙන් පිරි දේශයකට නීතිගරුක සමාජයක වැදගත්කම උන්වහන්සේ තම වචනයෙනුත් ක්‍රියාවෙනුත් ස්‌ඵුට කළ බව කතෝලික ජනසන්නිවේදන කටයුතු භාර ජාතික අධ්‍යක්‍ෂ ගරු බෙනඩික් ජෝෂප් පියතුමා පැවසීය.
වර්තමාන සමාජයට නත්තල ගෙන එන සාමයේ පණිවුඩය පිළිබඳ ගරු බෙනඩික් ජෝෂප් පියතුමා සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ සාකච්ඡාවකි මේ.
සමාජයේ යහ පැවැත්මට ඉවහල් වන කිතු දහමේ අඩංගු සාරධර්ම මොනවාද?
රටක් සමාජයක් යහමගට යොමුකරන කිතු දහමේ පදනම දසපනතයි. ඒ වගේම ක්‍රිස්‌තුස් වහන්සේ සිදුකළ කන්දඋඩ දේශනාවෙනුත් කිතුනුවෙක් ජීවිතය ගොඩනගා ගත යුත්තේ කෙළෙසද ඔහු සමාජයේ ජීවිත් විය යුත්තේ කෙසේද යන්න ඉතාමත් මැනවින් විග්‍රහ කර තිබෙනවා.
දෙවියන් වහන්සේ වෙත අපි මුළු හදින්ම මුළු සිතින්ම දක්‌වන ගෞරවය ආදරය සමස්‌ත මානව වර්ගයා වෙතම යොමුකළ යුතු බව දස පනතෙහි දැක්‌වෙනවා. තමාට තමා ආදරය කරන තරමටම අන් අය වෙතත් ආදරය ගෞරවය දැක්‌විය යුතු බව කිතු දහමේ ඉගැන්වීමයි.
මට සවන්දෙන ඔබට මා මෙසේ කියමි. ඔබ ඔබේ සතුරාට ප්‍රේම කරන්න. වෛර කරන්නාට යහපතම කරන්න. සාප කරන්නාට සෙත් පතන්න. ඔබේ එක කම්මුලකට පහරදෙන අයට අනෙක් කම්මුලත් හරවන්න.
මේ ආකාරයට කන්දඋඩ දේශනාවෙන් ක්‍රිස්‌තුස් වහන්සේ ලෝකයට පෙන්වාදුන්නේ සමාව දීමේ වටිනාකමයි.
සතුරන්ට ප්‍රේම කරන්න. යහපත කරන්න. ආපසු ලබන බලාපොරොත්තුවක් නැතිව ණයට දෙන්න. ඉන් ඔබ ලබන පලවිපාක මහත්ය. ඔබ පරමෝක්‌තමයාණන්ගේ පුත්‍රයෝ වන්නක්‌හුය. මන්ද කෙළෙහිගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණික වූහ.
මේ ආකාරයට ක්‍රිස්‌තුස් වහන්සේගේ ඉගැන්වීම් දෙස බලන විට අන්කවරදාකටත් වඩා වර්තමාන සමාජයට උන්වහන්සේගේ මග පෙන්වීම් අවශ්‍යව ඇති බව පෙනෙන්නට තිබෙනවා.
අපේ වර්තමාන සමාජය මුදල් පසුපස ආශාවන් පසුපස, බලය පසුපස ලුහුබඳිනා මිනිසුන් වැඩිදෙනකුගෙන් සමන්විත එකක්. කිතුදහමේ මූලික හර පද්ධතීන් සමඟ මේ පිරිස සම්බන්ධ කර ගන්නෙ කොහොමද?
කිතු දහමේ හදවත ගොඩනැඟෙන්නෙ දේවත්වය මුල්කරගෙන. දෙවියන් වහන්සේ කෙනෙක් පිළිබඳ අප තුළ විශ්වාසයක් තිබෙනවා. උන්වහන්සේ ඈත සිටින විනිශ්චයකරුවෙක් වත් දඬුවම් දෙන්නෙක්‌වත් නෙමෙයි. ජනතා ජීවිත අවස්‌ථාවලට සංවේදීව ජනතාවට මෙහෙවරක් කරන්නට කැපවී සිටින කෙනෙක්. මිනිසා පාපයට යොමුවුණාට පස්‌සෙ ඒ පාපී බවින් මිනිසාව මුදවල ජීවිතයට විමුක්‌තිය ලබාදීම සඳහා තම ආදර පුතණුවන් වන ක්‍රිස්‌තුස් වහන්සේ මෙලොවට එව්වේ ඒ නිසයි. ක්‍රිස්‌තුස් වහන්සේ මෙලොවට ඇවිත් හැමවිටම කළේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගැනීම නෙමෙයි.
මා පැමිණි කෙනෙක් නොව එවනු ලැබූ කෙනෙක්. දෙවියන්වහන්සේ මා එව්වේ ජනතාවට විමුක්‌තිය උදාකරදීමටයි යන්න වචනයෙන් පමණක් නොව උන්වහන්සේ ක්‍රියාවෙනුත් ඔප්පු කළා. දුගී මගී අසරණයන්ට සරණවෙමින්, නිරාහාරව සිටින්නට ආහාර ලබාදීමෙන්, ලෙඩුන් සුවකිරීමෙන් ආදී සෑම ක්‍රියාවකින්ම උන්වහන්සේ පෙන්නුම් කළේ තමුන් මෙලොවට පැමිණියේ දෙවියන් වහන්සේගේ අභිමත සැබෑ රාජ්‍යය ගොඩනගල සෑම පුද්ගලයකුටම සුවසේ නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ඇති කිරීමට බවයි. තම දේශන තුළිනුත් ක්‍රියාවන් තුළිනුන් එය සනාථ කරන්නට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේගේ දහම සමාජය හා බද්ධවන්නේ උන්වහන්සේට දක්‌වන ආදරය, ගෞරවය හා පීතෲත්වය රකිමින් එය ක්‍රියාවට නැගීමෙනුයි. දුගී දුප්පත් අසරණයන්ට පිහිට වීම වගේම ජීවිතය අඳුරු වළාවන්ට හසුව සිටින්නන් ඉන් මුදාගැනීමට උපකාර කිරීමෙන් උන්වහන්සේ යළිත් සමාජය තුළ ජීවමාන වනවා.
නමුත් අද අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නෙ බිහිසුණු සමාජයක. ජීවිත වටිනාකම් හා සාරධර්ම වේගයෙන් ගිලිහෙමින් යන සමාජයේ මේ ගමන වෙනස් කරන්නට කිතු දහමින් ලබාගත හැකි අනුබලය කවරක්‌ද?
සමාජයක පැවතිය යුතු ඉතාමත්ම වටිනා දේ අවබෝධයයි. නමුත් අද අපේ රට දෙස බලන විට අෙන්‍යාaන්‍ය අවබෝධය ගිලිහී යැම තුළින් ඉතාමත් ශෝචනීය තත්ත්වයකට රට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. රට තුළ නීතිය ගිලිහෙමින් තිබෙන නිසා බලය තිබෙන අය තම තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට පටන් අරන් තියෙනවා. යම් පුද්ගලයෙක් වරදක් කළොත් රටේ සම්මත නීතියට අනුව ඒ පිළිබඳ ක්‍රියා නොකර යම් යම් අවශ්‍යතා මත කටයුතු කරන්නට යැම රටේ සුබසිද්ධියට හේතු වෙන්නෙ නෑ. අද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ.
බල තන්හාවෙන් හා කාමභෝගී දිවි පැවැත්මෙන් අවුල් වී ගිය මේ සමාජය නිරවුල් කරගන්නට කිතුදහමින් කෙබඳු පිටුබලයක් ලබාගත හැකිද?
එක් අවස්‌ථාවක ක්‍රිස්‌තුස් වහන්සේ දේව මාලිගයට යන විට එක්‌තරා පිරිසක් දේව මාලිගාව තුළ විවිධ ජාවාරම් කරමින් විනෝද උත්සව ආදිය පවත්වමින් ක්‍රිස්‌තුස් වහන්සේ දෙසූ දහමට පටහැනි ලෙස කටයුතු කරන සැටි දකිනවා.
දේව භූමිය තුළ එබඳු කටයුතුවලට ඉඩදිය නොහැකි බව පවසමින් උන්වහන්සේ කසයකින් ඒ පිරිසට පහර දෙනවා. දේව සභාව තුළ මේස පුටු ආදිය තබාගෙන නොයෙක් ජාවාරම් කළ ඒ පුද්ගලයන්ගේ බඩු භාණ්‌ඩ කඩා බිඳදමමින් උන්වහන්සේ විශාල කලබැගෑනියක් කරනවා.
එලෙස කටයුතු කිරීමෙන් උන්වහන්සේ පෙන්වාදෙන්නට උත්සාහ කළේ යුක්‌තිය හා සාධාරණත්වය යටපත් කරමින් අයුක්‌තිය හා අසාධාරණය නැගී සිටින විට නිහඬව නොසිටිය යුතු බවයි. උන්වහන්සේ දුන් ආදර්ශය වර්තමාන සමාජය තුළ අපට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට නොහැකි නමුත් වර්තමාන අපේ සමාජය මේ යන ගමන රටේ සුබ සිද්ධියට හේතුවන්නක් නොවන බව අප ප්‍රකාශ කළ යුතුයි. අද තිබෙන්නෙ සමාජ වටිනාකමක් සාරධර්මයක් ලෙස පැවතිය යුතු විනය හා හික්‌මීම වේගයෙන් සමාජයෙන් බැහැර වීම නිසා ඇතිවූ අර්බුදයක්. පුද්ගලයන් තුළ ඇතිවන නොයෙක් ආසාවන්, හැඟීම් සංසිඳවාගැනීම සඳහා සමාජ සම්මත ක්‍රම තිබෙනවා. ඒ වගේම ඕනෑම කෙනකුට තමාගේ ජීවිතය දෙස බලල යමක් තමන්ට ගැලපෙන නොගැලපෙන බව ස්‌වේච්ඡාවෙන් තීරණය කිරීමට හැකිවන ආකාරයේ හික්‌මීමක් ඇති කරන ආගමික චින්තනයන් තිබෙනවා. තමුන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන බහුතරයක් සිටින සමාජයක් අතීතයේ අපේ රටේ තිබුණා. අතීතයේ බොහෝ දෙනා වැරදි කිරීමෙන් වැළකුණේ ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙතැයි ඇති වූ බිය නිසා. අද පාපයේ ගැලෙනවා පමණක් නොවෙයි ඊට නීතිමය පහසුකම් ලබාගැනීමට පවා උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක් ලෙස ගබ්සාව නීතිගත කර ගැනීමට දරන වෑයම පෙන්වාදෙන්න පුළුවන්. අද නීති රීති හදාගන්න උත්සාහ කරන්නෙ නිවැරදිව ජීවත්වන්නට නොව අයුතු ලෙස කටයුතු කරන්නට ඉඩ ප්‍රස්‌ථා ලබාගන්නයි.
ආසියාවේ ධර්මද්වීපය හැටියට නමක් දරන රටේ හැමදාම රැකගත යුතු අපේම උරුමයන් තියෙනවා. අපේ ඇවතුම් පැවතුම්, සමාජය තුළ පැවැති පරාර්ථය, එකිනෙකා වෙත දැක්‌වූ කරුණාව, දයාව අපට සොබාදහමින් වගේම ලැබුණා. මෑතක් වනතුරුම ශිෂ්ටසම්පන්න රටක් ලෙස අපේ රට පැවතුනේ ඒ නිසා. නමුත් අද අපේ රට අසමගියෙන් බලකාමයෙන් පිරුණු සමාජයක් තිබෙන රටක්. මේ තත්ත්වය වෙනස් කරල අපේ රට සමගියෙන් එක්‌සත්කමින් සහජීවනයෙන් යුතු සමාජයක් සහිත රටක් බවට පත්කරන්නට සෑම ආගමික නායකයකුටම විශාල වගකීමක් තිබෙනවා. සෑම ආගමක්‌ම නියෝජනය කරන නායක පිරිස් තමා නියෝජනය කරන ආගමට අනුව අපේක්‍ෂා කරන ජීවිතමග සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සමාජයට ලබාදී තිබෙනවාද යන්නත් පොදු යහපත සඳහා කැපවිය යුතු ආකාරය පිළිබඳ සමාජය මෙහෙයවා ඇද්ද යන්න ගැනත් නැවත සිතා බැලිය යුතුයි.
අද සමාජය තුළ ඇති වී තිබෙන මේ පරිහානි තත්ත්වයට වර්තමාන දේශපාලනයේ අවිචාරවත් ස්‌වභාවය දැඩි බලපෑමක් සිදුකර තිබෙන බව ඇතමුන් දරන මතයක්. එහි ස්‌වභාවය වෙනස් නොකර යහ සමාජයක් රට තුළ ස්‌ථාපනය කරගන්න පුළුවන්ද?
වර්තමානයේ බොහෝ දේශපාලනඥයන්ගේ පරම අභිලාෂය වී ඇත්තේ තමා දියුණු වීමයි. සාමාන්‍ය පුද්ගලයන් ලෙස දේශපාලන බීමට එන බොහෝ දෙනා කෙටි කලක් තුළ ධන කුවේරයන් බවට පත්වන සැටි පෙනෙන්නට තිබෙනවා. අද මේ රටේ අගවිනිසුරුතුමිය දූෂිත කාන්තාවක් ලෙස චෝදනා කරන්නට දේශපාලනඥයන් කටයුතු කරන බව පෙනෙනවා. ඇය එබඳු තැනැත්තියක නම් ඇය ඉවත් කළ යුතු වූවත් ඇය කර ඇතැයි කියන දූෂිත ක්‍රියා විභාග කරන දේශපාලනඥයන් කෙබඳු විනිවිද භාවයකින් යුතු අයද? ඡේසුස් වහන්සේ දේවමාලිsගාවට වැඩි අවස්‌ථාවක විනයධරයෝ කාම මිත්‍යාචාරයේ හැසිරෙද්දී හසු වූ ස්‌ත්‍රියක් උන්වහන්සේ වෙතට රැගෙන ආවා. ගුරු දේවයිsනි මේ ස්‌ත්‍රිය කාමමිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගත්තා. මෙබඳු අයට ගල්ගසා මරා දමන්නට ව්‍යවස්‌ථාවෙන් අපට අණකොට තිබෙනවා. ඔබවහන්සේ මැය ගැන කියන්නේ කිමෙක්‌දැයි උන්හන්සේගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඔබ අතුරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඇයට ගලක් ගසන්නැයි කියාය. එය ඇසූ සියලුදෙනාම ඒ ස්‌ත්‍රිය අතහැර යන්නට ගියා.
සෑම කෙනෙක්‌ගේම අපේක්‍ෂාව විය යුත්තේ ඔවුනොවුන්ගේ සිතැඟිවලට අනුව ජීවිතය සැහැල්ලුවෙන් හා තෘප්තිමත්ව ගත කිරීමයි. එසේ කළ හැක්‌කේ ධනය, බලය ඇතුළු භෞතික සම්පත් රැස්‌කර ගැනීමට ඇති ආශාව අවම වන ආකාරයට කටයුතු කළොත් පමණයි. ඒ සඳහා ආගම දහම කෙරෙහි නිවැරදි නැඹුරුවක් ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක

Monday, November 19, 2012
තාමත් අප නිදි ද?
තාමත් අප නිදි ද?
ශ්‍රි ලංකා නීතියට අනුව ගත් කල වයස අවුරුදු 18ට අඩු අය ළමුන් ලෙස හඳුන්වනු ලැබේ...එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේද මේ බව සදහන්ව ඇත..ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 75 වන වගන්තියට අනුව වයස 8ට අඩු ළමයෙකු විසින් කරනු ලබන ක්‍රියාවක් වරදක් නොවන බව එහි සදහන් කර ඇත.. පසුගිය ජනමාධ්‍ය මගින් අපට දැනගන්නට ලැබුනේ හද කම්පා කරනු ලැබු සිද්ධීන්ය..අවුරුදු 14ට අඩු කුඩා දරුවන් දුෂණය කිරීම් සහා මරා දැමීම් පිළිබඳ වාර්තා විය. මේවා අසන දකින අය අනේ! අපොයි කීවත් මෙය තමුන්ට හෝ තමුන්ගේ කෙනෙකුට මේ දේ සිදු නොවනු නිසාත් තමුන්ට සිත් නොරිදෙන නිසාත් ඒ සිදුවීම තවත් සිදුවීමක් පමණි.. මාගේ කෙනෙකුට අපේ කෙනෙකුට මේ දේ සිදුවන තුරු අපි නිහඬය.. දකින දකින පාර වල හංදිවල බුදු පිළිම,සුරුවම් ස්ථාපිත කර තිබුණත් පන්සල්,පල්ලි,කෝවිල් සැතපුමෙන් සැතපුමට තිබුණත් උදේ හවා ධර්ම දේශනා ජනමාධ්‍ය තුලින් විකාශණය වුවත් බොහෝ මනුෂ්‍ය හදවත් තුල ජීවිත තුල කිසීම ධර්මයක් නැති බව දෑසේ කඩතුරා හැර බලන කෙනෙකුට මනාවට පැහැදිලි වෙයි..මෙයට වග කිව යුත්තේ කවුරුන්ද?
ළමා අපචාර,ස්ත්‍රී දූෂණ සහා මිණිමැරුම් පසුගිය කාලයේ වැඩි වශයෙන් සිදු වුනේ රටේ වගකීම් භාරගෙන රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත්වන කාමාතුරයන් අතින්ය..නමුත් මේ සියල්ල පවතිද්දි රජය මුනිවත රකිමින් අසරණයන්ට යුක්තිය ඉටු නොකර නීතිය තම දෑතට ගනිමින්ද කාමාතුරයන් රකිමින්ද තද නිහඬතාවයක පසු වන්නේ කාගේ වරදින්ද? මානුෂ්‍යාගේ ආත්මීක ජීවිත වර්ධනය කරමින් මනුෂ්‍යන්ගේ පාපයෙන් ඈත් කර තැබීමට කැපවි වැයවෙන ,පූජ්‍ය,පූජක පැවදි වූවන් බහුතරයක් තද නින්දකට යොමුවී තද නිහඬතාවයක පසු වෙයි..ඔවුන්ගේ වගකීම යුතුකම කාලයේ සලකුණු තුලින් මනුෂ්‍ය ආත්ම ගැලවීම වූවත් මනුෂ්‍යා සීග්‍රයෙන් පාපයෙන් විනාශය කරා යද්දී වගකීමෙන් යුතු ආගමීක නායකයන් පවා නිහඬව සිටීම අපගේ අනාගත ඉරණම මොනවට කියා පායි...
මේ කුඩා වූවන්ගේ කෙනෙකු නොමගට යවන යම් කෙනෙක් වේද ඔහුගේ ගෙලේ ඇඹරුම් ගලක් එල්ලා හෙලිය යුතු බව මේට වසර 2000සට පෙර ජේසුතුමා පැවසුවා නම් අද පවතින දූෂිත සමාජය දෙස බලන විට එයට වඩා තද දඩුවම් වැරදි කරුවන්ට හා වැරදි කීමට උඅදව් කල සැමට ලබා දිය යුතුය.. නමුත් නීතිය වරදට සරිලන දඩුවම් වෙනුවට ලිහිල් පිළිවෙත් නීතිගත වීම නිසා වරදට ඇති බිය පහවී ගොස් මනුෂ්‍ය වරද තුලම තව තවත් කිමිදීමට අවස්තා සලසා දෙමින් මුදලට බලයට නීතිය යටකර ගැනීමට ඉඩකඩ තිබෙන නිසාත් මනුෂ්‍ය හදවත් තුල තිබිය යුතු දයාව කරුණාව සහ ආදරය වෙනුවට ආත්මාර්ථය රජ කරන යුගයක් බිහිවී අපගේ අනාගත පරපුර අබල දුබල කර විනාශ කර දමනු දැක දැක අප සියළු දෙනාම නිහඬව සිටීමෙන් අප රටේ අනාගතයට මේ වෙන්නාවු විනාශයට අපද හවුල් කරුවන් බව මේ නිහඬතාවය කියාපානු ඇත..
ගරු මේරි ලුවඩිස්
පැවදි සොයුරිය
වැල්ල වීදිය මීසම
(ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත් පතෙන් උපුටා ගන්නා ලදී )
Thursday, November 8, 2012
ආගම් දෙකක් අතර වෙනස
මුස්ලිම් වරු සහ කතෝලිකයන් අතර වෙනස
මේ කතාව නම් වෙනස් වෙන්න පුලුවන්..අද මේ රටේ ජාතිවාදි ප්‍රශ්ණ ඇති වෙමින් පවතිනවා...අද ගෑණු කෙනෙක් එක්කත් මූණු පොතේ චැට් කරත් හම්බයන්ට බනිනවා...මම නම් එහෙම බනින්න කැමති නෑ...අද මා එක්ක අක්කා කෙනෙක් වලියක් දාගෙන බ්ලොක් කරා...එයාට සත්‍ය වැටහෙයි..මගෙ ෆේස්බුක් අකවුන්ට් එක බ්ලොක් වුනා ඒ ගබ්සාවට එරෙහිව වෝල් පෝස්ට් එකක් දැම්මට..සමහරක් අයට හොඳ දෙයක් දැක්කම ඉන්න බෑ කකියනවා...ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කකුලෙන් අදිනවා..ගබ්සාවට ගොඩාක් තදින් විරුද්දයි කතෝලික සභාව ඒ වගේම මුස්ලිම් ආගමෙත් එහෙමයි...ඒ ගැන දාපු එකට ෆේස්බුක් එකේ ඉන්නවා සයිබර් සිංහයෝ ඒ අයට අනෙක් ආගම් පේන්න බෑ..ඉතින් මාව රිපෝර්ට් කරා..රිපෝර්ට් කරන්න කලින් දාලා මට මැසේජ් එකක් කතෝලික සභාවේ එවුන්ට පස්ස දෙන එකෙක්ද? තෝ කියලා...මං තෝව රිපෝර්ට් කරනවා කියලා..මිනිහා අර සොරි .කොම් එකට මං ගැන කියලා ඒකේ ඉන්න නපුංසක සිංහයෝ මාව රිපෝට් කලා...ඉතින් මං ඒ අක්කට ඒ ගැන කිව්වම එයා කියනවා ඒ මුස්ලිම් එවුන්ගේ වැඩලු..අනේ නෙදකින් අක්කේ..ඔයා කොහෙද? ලංකාවේදි නැත්තම් වෙන රටක වෙන්න ඇති..කමක් නෑ ඒ ගැන වැඩියෙ කියන්න ඕනේ නෑ..දැන් ගොඩාක් අය අල්ලා දෙවියන්ට බනිනවනේ..කතෝලික අපිඅටත් ඒක රිදෙනවා..මුස්ලිම් කතෝලික කියන්නේ එකම දෙවියන්ව අදහන ආගම් 2ක්..අපි වෙනසකට වගේ ජේසුව අදහනවා..තව අපේ වැරැද්දක් පිල්ලිම වන්දනාව..ඒක බයිබලයේ පවා තියනව පිලිම වන්දනා කරන්න එපා කියලා..මාත් ඒකයි කියන්නේ අපි පිලිමෙකට වැන්දා කියලා වැඩක් නෑ..මුස්ලිම් සහ කතෝලික අබ්‍රාඅම්ගෙන් පැවත එන ජාතියක්..දෙවියන් වහන්සේ අබ්‍රාහම් තුමාට කිව්වා.. අබ්‍රහම් මම නුඹගෙන් විශාල ජාතියක් බිහි කරනවා..එය මුලු පොලෝ තලේම පැතිර්නවා...ඉතින් ඒක අද ඇත්තක් වෙලා ඉවරයි...ඒ නිසා සියලුම අයට කියන්නේ මුස්ලිම් අයගේ දෙවියන් කියන්නේ කතෝලික අයගේ දෙවියන්මයි....ඒ හින්දා දෙවියන්ගේ නාමයට කුණු හරපෙන් බනින්න එපා..ඔයාලා හිතනවා ඇති අපි නොදැකපු දෙවියෙක් වදිනවා කියලා..සක්ශි තියනවා ගොඩාක්..ඒ ගැන....ඒ දේවල් ඉදිරියේදි කතා කරමු ..අක්කේ දැන් වත් තේරුණාද? කවුද? කැත වැඩේ කලේ කියලා..ඔයා ඉස්සරහට දුක්වෙයි...
Subscribe to:
Posts (Atom)