Wednesday, October 31, 2012

මත් රකුසාගෙන් අපේ රට බේරාගමු



මත් රකුසාගෙන් අපේ රට බේරාගමු


මේ බ්ලොග් සටහන ලියන්න හිතුවේ වෙනස් දෙයක් ගැන නම් නෙවේ මත් රකුසා,ගණිකා ජාවාරම,ළමා අපයෝජන ගබ්සාව ශ්‍රී ලංකාව වසාගෙන ඉන්නවා කියද්දි සමහරක් අයට පුදුමයක් වෙන්න පුලුවන් ඒත් මට නම් පුදුමයක් නෙවේ අපේ මීගමුවේ පියතුමන්ලා සහා තරුණ ළමයින් දෙමාපියන් එදා ඉදන්  කතෝලික පල්ලිය සමගින් මේ දේවල් වලට විරුද්ධව සටන් කලා එයට අපේ ගමේ තරුණ පිරිසගේ දායකත්වයත් අතිවිශාලයි..අද තරුණ,තරුණියන්ගේ සහ කුඩා ළමුන්ගේ ජීවිතේ නැතිවෙන්න හේතුව මත් ද්‍රව්‍ය...අද කුඩා ළමුන් පවා අපයෝජනයට,අතවරයට ලක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතින් ඒත් මත් ද්‍රව්‍ය භාවිතා නොකරන්නන් අතිනුත් එය සිදුවෙනවා ඒ වගේ පහත් සමාජයක තමයි අද අපි ඉපදිලා ඉන්නේ ..අද ජාතිවාදය පතුරමින් උද්ගෝශණ වි‍යාපාර කරන  සිවුර ඇඳි දේශමාමක යැයි කියාගන්න පුද්ගලයන් අනුරාධපුරයේ ගල්කණු පෙන්නන් මේ දේශය සිහලුන්ගේ මේ රටේ එකෙක්වත් අපිට ඉහලින් ඉන්න දෙන්න බෑ මේ මගේ රට බොලව කියමින් උගුරු දණ්ඩ කඩාගෙන කෑගැසුවත් මේ රටේ වෙන කිසි දෙයක් ගැන ඔවුන්ගේ දෑස විවර නෑ එය රටේම අභග්‍යකි..මේ රටේ දහම් පාසල් වලට වඩා මත් පැන් අලවි සැල් තියනවා..අහින්සක අම්මා කෙනෙක් මෙලොවින් සමුගත්තාත් ඒ අම්මා බුදු පිලිමෙකට පයින් ගැසුවා කියමින් බොරු ප්‍රචාර අන්තර්ජාලය තුලින් ප්‍රකාශ කරමින් සත්‍ය කුමක්ද? කියා නොදැන  කොමන්ට් කර  මෝඩයන්ගේ ඇසුත් අන්ධයි...මත් රකුසාට මීගමුවේ බිලිවුන තරුණ පරම්පරාව ගොඩ නගන්න එදා ඉදන්ම සටනට බැහැපු පියතුමන්ලා පවා මරා දැමු සහාසිකයන්ගේ බලල් අත් අදත් අපේ  නගරයේ සිදුවෙයි..ගිය ඉරිදා 2012 ඔක්තොම්බර් මස 28 වන දින මුලු මීගමුවම පාරට බැස උද්ගෝශණය කලේ මේ රටේ සිදු වන දේවල් ගැන දෑස් විවර කරන්න කියා බලකරමින්..අපි මීගමුව උදෙසා කෑ ගැසුවා නොවේ මුලු මහත් ශ්‍රී ලංකාවේ අනාගත කිරුළු දරන්නන් වෙනුවෙන් අපි හඬ නැගුවේ අපිට මිනිස්සු ගැන කැක්කුමක් තියනවා..මේ මගේ ශ්‍රී ලංකාවයි මත් රකුසාගෙන් මේ රට බේරාගමු,අද මේ රටේ සිදුවන ගබ්සාව,ළමා අපයෝජන,ගණිකා වි‍යාපාර මේ,මතට තිත මේ හැමදේටම තිත තබලා ගමේ පන්සලෙන්,පල්ලියෙන්,කෝවිලෙන් බිහිවු සාරධර්ම පිරි රටක් බිහි කරන්න ඔබේ දායකත්වය ලබාදෙන්න..කතෝලිකයෝ වන අපි අවජාතකයන් කියා කෑ ගසන මේ නපුරු සමාජයට අපි ආදර්ශ‍යක් වෙන්නේ අපිට අවශ්‍ය නෑ ජාතිවාදේ ආගම්වාදේ මේ රට අපි හැමෝගෙමයි යුද්ධයෙන් පසු මත් රකුසාගේ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගමු..

ඔබට ජේසු පිහිටයි,තෙරුවන් සරණයි

Wednesday, October 24, 2012

අනිවාර්යෙන් ඔබේ සහය මං පතනවා.


තරු පිරි අහසට බ්ලොගය කියවන එන ඔබට විශේෂ නිවේදනයයි
අනිවාර්යෙන් ඔබේ සහය මං පතනවා...
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බ්ලොගයට ආවට කමක් නෑ බ්ලොගයේ වැරදි අඩුපාඩු හදාගන්න කොමන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද?

Tuesday, October 23, 2012

අම්මේ ඉන්න තැනකින් එන්න


අම්මේ ඉන්න තැනකින් එන්න..මට ඔයා එක්කම මෙහෙ ඉන්න හැකි අම්මේ .. ඔයාගේ බඩගින්නත් නිවෙවි ආපහු කෑම සොයන්න ඔනේ නෑ..ඉක්මනට එන්න අම්මේ මාව සොයාගෙන




ළමා නිවාසයේ  කම්බි දැලකින් මා පාර දිහා බලාගෙන ඉන්නේ
ඔබ මා එක්ක යන්න එයි කියා සිතමින්නේ
දෑස රිදෙනවා අම්මේ ඔබ එනතුරු බලා උන්නත්
හදන්න පුලුවන් නම් ඇයි මා මහමග දමා ගියේ


පියෙකු නෑ මට,උප්පැන්නකුත් නෑ මට
ඔබ පෙවු කිර මට මතකයි අම්මේ තවම
කෑම සොයන්න ගිය ඔබ වීදි දිගේ
ආපසු ආවේ නෑ මා තනි වුනා විදිකොනේ


හිත හොඳ මහත්මියක් මා දැක
ඇහුවා පුතේ අම්මා කෝ ඔබගේ
මා අඩමින්  සිටි  ඇයට දුක හිතුනා සිතට
එක්කන් ගියා අනාත නිවසට ළමුන් පිරිලා ඇත එහි නිවස


ඒත් මගේ පරණ මතකය අමතක නොවි ඇත
සිතන පතන හැම වෙලේම අම්මේ ඔබවයි සිහිවෙන්නේ
මෙහි සැප තිබුණත් මගේ බඩට ඔබටත් එය ලැබුනානම් අගනේය
මොන සැප තිබුණත් මට අම්මේ ඔබ නැති අඩුව දැනේ මට

Monday, October 22, 2012

මේ දුක් බර අවස්තාව ගැන ඔබට මොකක්ද? හිතෙන්නේ


දකුණේ පින් ඇති පින්බිම වැවුරු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහිකටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරේ ගියා පැටව් එක්කම

අප්පච්චි කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවි තාම  ලඟ ලඟ
අනාගතේ මා දුටු සුබ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය  ගියා මුහුදට

පිහිටවෙලා බේරගන්න මගේ කූඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ලඟ
සොදුර සමග දරුවන් බිලිගත්තා වගේම
මාවත් බිලිගත්තා නම් දුකක් නෑ මට

Friday, October 19, 2012

මට සමාවෙන්න ජේසුනි


 

 මං ආසම කිතුණු ගීතිකාවක් මේක මේ ගීතිකාව කියන්නේ බ්‍රදර් ඇන්ටන් චාල්ස් තෝමස් ..මේ ගීතිකාව අහද්දි මට මගේ අතීතය මතක් වෙන්නේ..මං ලොකු පවු කාරයෙක් ජේසුව විශ්වාස නොකර තැන තැන දිව්වා..ජේසුට ඇඟිල්ල දික් කරලා හදවතින් බනින්න ඇති ඒ මගේ කේන්තියට මං අද ඒ ගැන ලැජ්ජ වෙවි දුක් විඳිනවා..කොහෙ ගියත් ආයේ මං ආවේ ජේසු ලඟටමයි........මං වගේ පවු කාරයෙක්ව ජේසු ආදරෙන් පිලි ගත්තා මං ආයේ වැරදි කරන්නේ නෑ.. මට සමාවෙන්න ජේසුනි..





මට දරන්න බෑ ජේසුනී ඔබේ ආදරේ
දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනී
මට කියන්න බෑ වචනයෙන් මගේ ජේසුනී
හදවත ඉකි බිද හඩනවා මගේ ජේසුනී
මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී

මං ආදරෙයි ආදරෙයි සුදු ජේසුනී
මං ආදරෙයි...


සහනය සොයා ලෝකයේ ඉගිලුනා
මා රැවටුනා සෑමදා මා තනි වුනා
හද පෑරුණා වේදනාවෙන් මිරිකුනා
සිත කැළඹුනා පාපයේ මා සැගවුනා


මගේමයි කියා ආදරේ කල සැමදෙනා

මා හැරගියා ජීවිතේ මට තේරුණා
ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා
හද සැනසුනා ජේසුනි ඔබ ලං වුනා

Thursday, October 18, 2012

බාලයන් මා වෙතට එන්න ඉඩ හරින්න

 බාලයන් මා වෙතට එන්න ඉඩ හරින්න ඒ ජේසුස් වහන්සේ පුංචි දරුවන් දෙස බලා එදා ජේසුතුමාගේ ගෝලයන්ට කීවේය...ජේසුස් වහන්සේ  පුංචි දරුවන්ට අසීමිත ආදරයක් දැක්වුවා..පුංචි දරුවන්ට  ස්වර්ග රාජ්‍ය හිමි බව ඔවුන්ට එහි අයිතිය තිබෙන බව ජේසුස් වහන්සේ දේශනා කර තියනවා...මේ ගීතිකාවේ සඳහන් වෙන්නේ එයයි...


බාලයන් මා වෙතට එන්න ඉඩ දෙනු
කියා අමතලා අප සැමා
දහම් දෙසන්න පතුරුවන්න යන්න සැම දෙසේ
කියයි අදත් ඒ ජේසු තුමා...

විශ්වාසයේ පහන්වෙමු අපි
ලෝක අන්ධකාරයන් නසා
බෙදා ගන්නටා බෙදා දෙන්නටා
අප යවන්නේ ජේසු තුමා...

අපේ දෙමාපියන් අපේම සොහොයුරන්
ගුරුන් යහළුවන් යෙහෙළියන්
සදාචාරයේ බැදී පුදන්නෙමු
මේ ප්‍රේමයේ සේවයෙන්...

(කිතුණු ළමා ගී පොතෙන් උපුටා ගන්නා ලදි)

බුදුන් වහන්සේගේ ධර්මය අපි හැමෝටම වැදගත්

බුදුන් වහන්සේගේ ධර්මය අපි හැමෝටම වැදගත් අපි මොන ආගමී,ජාතියේ කෙනෙක් වුවත් අනෙක් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් පිලි පැදිය යුතුයි...


හිතට දුකයි අහිංසක ජිවිත විනාශ වෙන්න දෙන්න බෑ

හිතට දුකයි
අහිංසක ජිවිත විනාශ වෙන්න දෙන්න බෑ තවත්
දුටු තැන මේ වගේ අසමත් ජාති වැඩකරන එවුන් Report කරන්න...........
......






මම මුණු පොතේ නිතරම සැරිසරනවා මං දැක්කා එක පින්තුරයක් ඒකේ නියම පිරිමියෙක් තමයි ඒ පින්තුරේ දාල තියෙන්නේ මම ඒ පිරිමි ළමයාට ගොඩාක් ස්තුති කරනවා..අම්මෙක්,නංගියෙක්,අක්කෙක් ඉන්නවා නම් නිරුවත් ජ්යාරූප මුණු පොතේ දාගෙන , සහ සමහරක් ගෑනු ළමයින්ට අපහාස වෙන ආකරයේ පින්තුරු දාගෙන සතුටුවෙන සමාජයක් මේක..එහෙම කරන්න එපා ඔබ බිහි වුනෙත් අම්මා කෙනෙක්ගේ කුසින් බව අමතක නොකරන්න..
                                                              
 ( මෙම පින්තුරය උපුටා ගැනීමක් බව සලකන්න )
 Thilanka Prabhath Jayasinghe පින්තුරය උපුටා ගන්නා ලදී.