Thursday, March 21, 2013

ශුද්ධවු බෙනඩික් තුමනි අප නිසා යැදුව මැනව

ශු. බෙනඩික් තුමා - ක්‍රි. ව 480 - 542

උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ' ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා" යි ගායනා කරමිනි. එහි ගිය විට " දැනුත් සදහටත්" කියා යම් හඩක් ඇසුණු විට බෙනඩික් තිගැස්සුනේය. එවිට ඔහු වටපිට බලන්නට විය. ඒ අවස්ථාවේදී ස්වල්ප දුරක වයස්ගත තාපසයෙක් සිටිනු දුටුවේය.

බෙනඩික් තමාට හුදකලා ජිවිතයක් ගත කිරීමට තිබෙන ආශාව මේ තාපසයාට පැවසිය. තාපසයාද තරුණයාට සවන් දී, ඔහුට වන වාසින් පළදින රළු හම් ඇදුමක් දුන්නේය. දිලිදුකම, හිග පාඩු ඇතිව සිටීම, සීතලය සහ නොයෙක් අපහසු කම්, තනිකම හා යාච්ඤාව මේවා මගින් ඔහු අදහස් කලේ තමා දමනය කර දෙවියන් වහන්සේට වඩ වඩා ලංවීමය.

බෙනඩික් සිතුවේ මෙවැනි පරිසරයක දෙවියන් වහන්සේට ලංවීම පහසු බවය. නමුත් යක්ෂයා නොයෙක් මාර්ග වලින් ඔහු පරික්ෂා කළේය. බොහෝ අවස්ථා වලදී ඔහුට මාංශික පරික්ෂාවල් පැමිනෙව්වේය. එහෙත් නොයෙක් පශ්චාත්තාපී ක්‍රියා මගින් ඔහු මේවා දුරු කළේය. යාච්ඤාව හා පශ්චත්තාපය ඔහුගේ දෛනික ආහාරය විය. මෙලෙස ගල්ගුහාවේ ගත කල අවුරුදු 3 පසු ඔහුගේ චිත්තය හා චරිතය වේගයෙන් වර්ධනය වී ප්‍රබල වුයේය.

ඔහුගේ ශුද්ධවන්තකමත්, නොයෙක් ප්‍රාතිහාර්යයන් කිරීමේ බලය සහ අන් අයට මග පෙන්වීම ගැන අවට සිටින අයට දැනගන්නට ලැබී, බොහෝ අවංක අනුගාමිකයෝ ඔහු වෙතට ආකර්ෂණය වුහ. ඔවුන් ආරාම 12 ක පදිංචි කෙරෙව්වේය. එක් එක් ආරාමයක එයට අයත් ශේෂ්ඨතුමා සහ තාපසයන් 12ක් බැගින් නිවාසගත කළේය. මෙලෙස ඔහු තාපස ජීවිතය ආරම්භ කළේය. මේ හැර ශු. බෙනඩික් තුමා තරුණයන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය සදහා පාසල් පිහිටෙව්වේය. ඔහුගේ සඵලත්වය දුටු සමහරු ඊර්ෂ්‍යාවෙන් ඔහුට සතුරු කම් කරන්නට පටන් ගත්තේය. එබැවින් ක්‍රි. ව 529 දී ඔහුගේ අනුගාමික ප්ලසිඩස්ගේ පියාගෙන් ලැබුණු තෑග්ගක් වන මොන්ටකැසිනෝ නම් ස්ථානයට ගියේය. එතැන්හිදීද ඔහු බෙනඩික්තානු නිකායේ මව් ගෘහය වූ විශාල තාපසාරාමය ගොඩනැගුවේය. මේ අලුත් ගොඩනැගිල්ල රෝමයේ නේපල්ස් යන ගමන් මාර්ගයක කදු මත ඇති ආලෝකය විහිදුවන පහන් කණුවක් මෙන් විය. ක්‍රි. ව 526 දී බෙනඩික් තුමා ලියු ව්‍යවස්ථා මාලාවේ අරමුණ වුයේ සුවිශේෂක අනුශාසනා අනුව තාපසයන්ගේ විනය හා ආත්මික හැඩගැස්මය. එයින් විශේෂයෙන් පැතුවේ ජීවමාන සාමුහික ජීවිතය හා ප්‍රීතිදායක කිකරුකමය. තවද ඒ නියෝග වලින් කීකරු කම යටතේ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමේ වටිනාකම එතුමා පෙන්වා දුන්නේය. මන්ද අලස මිනිසෙකුගේ ආත්මය තුල දේව වරප්‍රසාදය ක්‍රියා කරන්නේ නැත. එසේ උද්යෝගිමත්ව ක්‍රියා කිරීමට එකතු කලේ යාච්ඤාව, දේව වන්දනාවට අයත් ඔපිස් යාච්ඤාව සහ වෙනත් යාච්ඤා අභ්‍යාසයන්ය. වංශවත් සිටුවරුද, සාමාන්‍ය දිළිදු අයද, බෙනඩික් තුමා විසින් ආරම්භ කල මේ නිශ්චල, ශේෂ්ඨ සමබර ජිවිත ක්‍රමයට ආකර්ෂණය වුවෝය.

ගොත්වරුන්ගේ රජවූ ටොට්ලා පවා බෙනඩික්තුමාගේ මේ සේවය කොතරම් අගය කලේද කිවහොත්, ඔහුගේ කෘර, වනචාරි ගති දමනය කළේය. ශු. බෙනඩික් තුමා ස්වර්ගස්ථ වුයේ ඔහු තාපසාරාමයේ මහා අල්තාරයේ ඉදිරියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ පසු ඇත ඔසවමින් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීය. ඔහුගේ නිකාය ශු. සභාවට ශුද්ධෝත්තම පාප්වහන්සේලා 24 ක්ද, රදගුරුතුමන්ලා 4600ක් ද දානය කර ඇත. මේ හැර මුළු මිනිස් සංහතියටම එතුමා දේව වන්දනාව හා ධර්මදානය මගින් කිව නොහැකි තරම් සේවයක් කර ඇත.

එතුමාගේ මංගල්‍යය මාර්තු 21 වන දිනට යෙදේ.

Wednesday, March 20, 2013

ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!


ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!

කිතුණු පුවත්


පළමුවැනි ප්‍රැන්සිස්, අභිනව පාප්වහන්සේ රෝමයේදී ජනමාධ්‍යය ඉදිරියේ පෙනී සිටිමින්, දුප්පතුන්ට මෙහෙ කිරීමේ තමන්ට පැවරුන දූත කාර්යය කතෝලික සභාවේ සිහියට ගත යුතු බව ප්‍රකාශ කරති

අභිනව පාප්වහන්සේගේ අදහස් තුලින් පෙනී ගියේ, කතෝලික සභාව, ඉතා චාම් සරළ දිවි පෙවෙතක් සහිත ආයතනයක් බවට පත්වීම, උන්වහන්සේගේ අභිප්‍රාය වන බවයි.

ශාන්ත ප්‍රැන්සිස් මුනිදුන්ගේ නාමය තම සිහියට නැගුනේ, උන්වහන්සේ පාප්වරයට තෝරා පත්කර ගනු ලැබීමෙන් අනතුරුව බවයි පළමු ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ.සියගණනක් මාධ්‍යවේදීන් ඉදිරියේ තවදුරටත් කරුණු පැහැදිලි කළ අභිනව පාප්වහන්සේ ,සරල චාම් භාවයේ, සාමයේ සහ දිළිඳු ජනතාවට සේවය කිරීමේ සංකේතයක් වන, අසිසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිඳුන්ගේ නමින්, පළමු ප්‍රැන්සිස් යන සිය නිලනාමය තෝරාගත් බවත් සඳහන් කළේය.
පදවියට පත් වූ මොහොතේ, එක් කාදිනල්වරයෙකු තම හිසට තට්ටු කර, දුප්පතුන් අමතක නොකරන්නැයි කී වේලෙහි, ප්‍රැන්සිස් මුනිඳුන් නාමය සිහියට නැගුන බවයි, උන්වහන්සේ පවසන්නේ
පළමුවැනි ප්‍රැන්සිස් අභිනව පාප්වහන්සේ ආයාසයකින් තොරව, එසේම ඉතාම සැහැල්ලුවෙන් අදහස් පළ කළ විලාශය මගින් ඉස්මතු කෙරුනේ උන්වහන්සේ තම පූර්ව ප්‍රාප්තික පාප්වහන්සේලාට වඩා සාම්ප්‍රදායික නොවන වෙනස් මාවතක ගමන් කරනු ලබන ආකාරයකැයි මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.

බයිබලයේ වැකි



දැහැමිකම දන්න, සිය සිත් වල මාගේ අණපනත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුබලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළබෙන්න. ( යෙසායා 51 : 7 )



Sunday, March 17, 2013

බයිබලයේ වැකි

ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි. ( හිතෝපදේශ 12: 19 )

Thursday, March 14, 2013

නව පාප්තුමාට අපි හදවතින් සුබ පතමු....


නව පාප්තුමෙකු ආර්ජන්ටිනාවෙන් 

2013-පෙබරවාරි 28 වන දින 16 වන බෙනඩික්ට් පාප්තුමා ඉසිඹු ලැබිමෙන් පසු නව පාප්තුමෙකු සඳහා වතිකානුවේ පැවති චන්ද විමසිමෙන් ආර්ජන්ටිනාවේ බුවර්නෝර්ස් අයර්ස් නුවර 76 හැවිරිදි කාදිනල්  ජෝර්ජ් මාරියෝ බර්පිලියෝ නව පාප්තුමා වශයෙන් තෝරා ගත්තා..මෙහි සුවිෂේශ නමකට එතුමන්ගේ නම වෙනස් කර අතර 1වන ෆ්‍රැන්සිස්කු ලෙස මින් ඉදිරියට  හඳුන් වනු ඇත...ලෝකයේ බිලියන 2ක කතෝලිකයන් නියෝජනය කරන්නට යන නව පාප්වහන්සේ ලෝකයේ පලමු වතාවට ලතින් ඇමරිකානු රාජ්‍යකින් බිහි විත ඇත..අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා අපගේ නව පාප්තුමාව..ඔහුව එතුමන්ගේ රැකවරණය නිතින ලබා දෙන මෙන් දෙවිදු යදිනවා....ජේසු පිහිටයි

Sunday, March 10, 2013

බයිබලයේ වැකි,

තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය. ( ශු. ලුක් 18 : 14 )

බයිබලයේ වැකි


 දුදනාගේ පව්කම් ඔහුටම මලපතකි ඔහු සිය පාප දැලෙහි පැටලෙහි  

(හිතෝපදේශ  5:22 )



දොමිනික් සාවියෝ තුමා

ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 - 1857 ) 

ශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.

කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.

දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. " මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.

පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.

එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.

වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. " අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? "

ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජෙසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.
ශු. දොමිනික් සාවියෝ තුමාගේ මංගල්‍යය මාර්තු මස 10 වන දිනට යෙදී ඇත. 

Wednesday, March 6, 2013

පරිස්සම්වන්න

රඟපාන්න දෙන්නම් කියන අයගෙන් පරිස්සම්වන්න

චිත්‍රපට වල හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ඇති බවටත්, නර්ථන කණ්ඩායම්වල නර්ථනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත්, විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගී කරගෙන දැන්වීම් පලකර කාන්තාවන් හා තරුණ ගැහැණු ළමුන් රවටා ඔවුන් නොයෙක් අපචාර ක්‍රියාවලට යොදවා ගැනීම් පිළිබඳව තොරතුරු වාර්ථා වී ඇතැයි පොලිසිය පවසයි.

ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම් පලකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමුන්ද රවටා අපචාර ක්‍රියා වලට යොදවාගත් බවට පසුගිය කාලයේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබී ඇත.

එලෙස රැකියා අවස්ථා ඇති බවට පලකරණු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකතන අංකයන් නොමැති බවටද අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයකි.

කිසිදු සොයා බැලීමකින් තොරව රඟපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.

තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක්වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ වාර්ථාවී ඇත.

එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පලකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලිනාට්‍ය වල රඟපෑමේ අරමුණින් අදාල පාර්ශවයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරික්ෂණ වලට සහභාගිවන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හෙඳින් සොයා බලා එම ආයතනවල විශ්වාසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරතවන ලෙසට පොලිසිය මහජනතාව දැනුවත් කර සිටී.

Tuesday, March 5, 2013

දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

Tumaco හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය 

මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.

පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.

මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් තේය

Monday, March 4, 2013

දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු


දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු ....
දෙව වචනය නම් මෙයයි ..
මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට උවද එසේ නොකලානම් එය නොකළේ මටය... 


( ශු. මතෙව් 25 : 45 )