ශු. බෙනඩික් තුමා - ක්‍රි. ව 480 - 542
උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ' ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා" යි ගායනා කරමිනි. එහි ගිය විට " දැනුත් සදහටත්" කියා යම් හඩක් ඇසුණු විට බෙනඩික් තිගැස්සුනේය. එවිට ඔහු වටපිට බලන්නට විය. ඒ අවස්ථාවේදී ස්වල්ප දුරක වයස්ගත තාපසයෙක් සිටිනු දුටුවේය.
බෙනඩික් තමාට හුදකලා ජිවිතයක් ගත කිරීමට තිබෙන ආශාව මේ තාපසයාට පැවසිය. තාපසයාද තරුණයාට සවන් දී, ඔහුට වන වාසින් පළදින රළු හම් ඇදුමක් දුන්නේය. දිලිදුකම, හිග පාඩු ඇතිව සිටීම, සීතලය සහ නොයෙක් අපහසු කම්, තනිකම හා යාච්ඤාව මේවා මගින් ඔහු අදහස් කලේ තමා දමනය කර දෙවියන් වහන්සේට වඩ වඩා ලංවීමය.
බෙනඩික් සිතුවේ මෙවැනි පරිසරයක දෙවියන් වහන්සේට ලංවීම පහසු බවය. නමුත් යක්ෂයා නොයෙක් මාර්ග වලින් ඔහු පරික්ෂා කළේය. බොහෝ අවස්ථා වලදී ඔහුට මාංශික පරික්ෂාවල් පැමිනෙව්වේය. එහෙත් නොයෙක් පශ්චාත්තාපී ක්‍රියා මගින් ඔහු මේවා දුරු කළේය. යාච්ඤාව හා පශ්චත්තාපය ඔහුගේ දෛනික ආහාරය විය. මෙලෙස ගල්ගුහාවේ ගත කල අවුරුදු 3 පසු ඔහුගේ චිත්තය හා චරිතය වේගයෙන් වර්ධනය වී ප්‍රබල වුයේය.
ඔහුගේ ශුද්ධවන්තකමත්, නොයෙක් ප්‍රාතිහාර්යයන් කිරීමේ බලය සහ අන් අයට මග පෙන්වීම ගැන අවට සිටින අයට දැනගන්නට ලැබී, බොහෝ අවංක අනුගාමිකයෝ ඔහු වෙතට ආකර්ෂණය වුහ. ඔවුන් ආරාම 12 ක පදිංචි කෙරෙව්වේය. එක් එක් ආරාමයක එයට අයත් ශේෂ්ඨතුමා සහ තාපසයන් 12ක් බැගින් නිවාසගත කළේය. මෙලෙස ඔහු තාපස ජීවිතය ආරම්භ කළේය. මේ හැර ශු. බෙනඩික් තුමා තරුණයන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය සදහා පාසල් පිහිටෙව්වේය. ඔහුගේ සඵලත්වය දුටු සමහරු ඊර්ෂ්‍යාවෙන් ඔහුට සතුරු කම් කරන්නට පටන් ගත්තේය. එබැවින් ක්‍රි. ව 529 දී ඔහුගේ අනුගාමික ප්ලසිඩස්ගේ පියාගෙන් ලැබුණු තෑග්ගක් වන මොන්ටකැසිනෝ නම් ස්ථානයට ගියේය. එතැන්හිදීද ඔහු බෙනඩික්තානු නිකායේ මව් ගෘහය වූ විශාල තාපසාරාමය ගොඩනැගුවේය. මේ අලුත් ගොඩනැගිල්ල රෝමයේ නේපල්ස් යන ගමන් මාර්ගයක කදු මත ඇති ආලෝකය විහිදුවන පහන් කණුවක් මෙන් විය. ක්‍රි. ව 526 දී බෙනඩික් තුමා ලියු ව්‍යවස්ථා මාලාවේ අරමුණ වුයේ සුවිශේෂක අනුශාසනා අනුව තාපසයන්ගේ විනය හා ආත්මික හැඩගැස්මය. එයින් විශේෂයෙන් පැතුවේ ජීවමාන සාමුහික ජීවිතය හා ප්‍රීතිදායක කිකරුකමය. තවද ඒ නියෝග වලින් කීකරු කම යටතේ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමේ වටිනාකම එතුමා පෙන්වා දුන්නේය. මන්ද අලස මිනිසෙකුගේ ආත්මය තුල දේව වරප්‍රසාදය ක්‍රියා කරන්නේ නැත. එසේ උද්යෝගිමත්ව ක්‍රියා කිරීමට එකතු කලේ යාච්ඤාව, දේව වන්දනාවට අයත් ඔපිස් යාච්ඤාව සහ වෙනත් යාච්ඤා අභ්‍යාසයන්ය. වංශවත් සිටුවරුද, සාමාන්‍ය දිළිදු අයද, බෙනඩික් තුමා විසින් ආරම්භ කල මේ නිශ්චල, ශේෂ්ඨ සමබර ජිවිත ක්‍රමයට ආකර්ෂණය වුවෝය.
ගොත්වරුන්ගේ රජවූ ටොට්ලා පවා බෙනඩික්තුමාගේ මේ සේවය කොතරම් අගය කලේද කිවහොත්, ඔහුගේ කෘර, වනචාරි ගති දමනය කළේය. ශු. බෙනඩික් තුමා ස්වර්ගස්ථ වුයේ ඔහු තාපසාරාමයේ මහා අල්තාරයේ ඉදිරියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ පසු ඇත ඔසවමින් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීය. ඔහුගේ නිකාය ශු. සභාවට ශුද්ධෝත්තම පාප්වහන්සේලා 24 ක්ද, රදගුරුතුමන්ලා 4600ක් ද දානය කර ඇත. මේ හැර මුළු මිනිස් සංහතියටම එතුමා දේව වන්දනාව හා ධර්මදානය මගින් කිව නොහැකි තරම් සේවයක් කර ඇත.
එතුමාගේ මංගල්‍යය මාර්තු 21 වන දිනට යෙදේ.
Showing posts with label සුදුවර තතු. Show all posts
Showing posts with label සුදුවර තතු. Show all posts
Thursday, March 21, 2013
Wednesday, March 20, 2013
ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!
Sunday, March 10, 2013
දොමිනික් සාවියෝ තුමා
ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 - 1857 )
ශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.
කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.
දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. " මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.
පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.
එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.
වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. " අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? "
ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජෙසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.

Subscribe to:
Posts (Atom)