Wednesday, March 20, 2013

කිතුණු පුවත්


පළමුවැනි ප්‍රැන්සිස්, අභිනව පාප්වහන්සේ රෝමයේදී ජනමාධ්‍යය ඉදිරියේ පෙනී සිටිමින්, දුප්පතුන්ට මෙහෙ කිරීමේ තමන්ට පැවරුන දූත කාර්යය කතෝලික සභාවේ සිහියට ගත යුතු බව ප්‍රකාශ කරති

අභිනව පාප්වහන්සේගේ අදහස් තුලින් පෙනී ගියේ, කතෝලික සභාව, ඉතා චාම් සරළ දිවි පෙවෙතක් සහිත ආයතනයක් බවට පත්වීම, උන්වහන්සේගේ අභිප්‍රාය වන බවයි.

ශාන්ත ප්‍රැන්සිස් මුනිදුන්ගේ නාමය තම සිහියට නැගුනේ, උන්වහන්සේ පාප්වරයට තෝරා පත්කර ගනු ලැබීමෙන් අනතුරුව බවයි පළමු ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ.සියගණනක් මාධ්‍යවේදීන් ඉදිරියේ තවදුරටත් කරුණු පැහැදිලි කළ අභිනව පාප්වහන්සේ ,සරල චාම් භාවයේ, සාමයේ සහ දිළිඳු ජනතාවට සේවය කිරීමේ සංකේතයක් වන, අසිසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිඳුන්ගේ නමින්, පළමු ප්‍රැන්සිස් යන සිය නිලනාමය තෝරාගත් බවත් සඳහන් කළේය.
පදවියට පත් වූ මොහොතේ, එක් කාදිනල්වරයෙකු තම හිසට තට්ටු කර, දුප්පතුන් අමතක නොකරන්නැයි කී වේලෙහි, ප්‍රැන්සිස් මුනිඳුන් නාමය සිහියට නැගුන බවයි, උන්වහන්සේ පවසන්නේ
පළමුවැනි ප්‍රැන්සිස් අභිනව පාප්වහන්සේ ආයාසයකින් තොරව, එසේම ඉතාම සැහැල්ලුවෙන් අදහස් පළ කළ විලාශය මගින් ඉස්මතු කෙරුනේ උන්වහන්සේ තම පූර්ව ප්‍රාප්තික පාප්වහන්සේලාට වඩා සාම්ප්‍රදායික නොවන වෙනස් මාවතක ගමන් කරනු ලබන ආකාරයකැයි මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment