Thursday, December 27, 2012

මගේ ආදර තාත්තා

You’re My Hero
You’re my hero, my foundation
I’m filled with love, and appreciation
You protect me and care for me
My true friend, my Dad
Deep within my heart
You’ll always be the best man in the world
My hero, my Dad

Life Lessons
You may have thought I didn’t see, or that I hadn’t heard,
Life lessons that you taught to me, but I got every word.
Perhaps you thought I missed it all, and that we’d grow apart,
But Dad, I picked up everything, it’s written on my heart.
Without you, Dad, I wouldn’t be the woman I am today;
You built a strong foundation, no one can take away.
I’ve grown up with your values, and I’m very glad I did;
So here’s to you, dear father, from your forever grateful kid
 






ගෙදර බුදුන් තියලා ඔබේ දෙපා වදින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැක ගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

දිවා රැයේ සොයා බැලු අප ගැන කරුනු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොළොස්මහේ පහණ වගේ දැල්වී නිවුනු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී

කවා පොවා හදා වඩා දුක සැප විමසු
දයාබරව හිස අතගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ රැදුණු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී

පව්කාරියට ගල්ගැසිය හැක්‌කේ නිර්දෝෂීන්ට පමණයි!

පව්කාරියට ගල්ගැසිය හැක්‌කේ නිර්දෝෂීන්ට පමණයි!



සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ අසිරිමත් නත්තල උදාවී තිබේ. කිතු උපත පිළිබඳ බයිබලයේ දැක්‌වෙන්නේ නීතිගරුක සමාජයක්‌ ලොව ස්‌ථාපිත වනු දැක්‌මේ අභිලාෂයෙන් දේවෝත්තමයාණන් වහන්සේ සිය පුතණුවන් මෙලොවට එවූ බවය.

සාමයෙන් සහ සහජීවනයෙන් පිරි දේශයකට නීතිගරුක සමාජයක වැදගත්කම උන්වහන්සේ තම වචනයෙනුත් ක්‍රියාවෙනුත් ස්‌ඵුට කළ බව කතෝලික ජනසන්නිවේදන කටයුතු භාර ජාතික අධ්‍යක්‍ෂ ගරු බෙනඩික්‌ ජෝෂප් පියතුමා පැවසීය.

වර්තමාන සමාජයට නත්තල ගෙන එන සාමයේ පණිවුඩය පිළිබඳ ගරු බෙනඩික්‌ ජෝෂප් පියතුමා සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ සාකච්ඡාවකි මේ.

සමාජයේ යහ පැවැත්මට ඉවහල් වන කිතු දහමේ අඩංගු සාරධර්ම මොනවාද?

රටක්‌ සමාජයක්‌ යහමගට යොමුකරන කිතු දහමේ පදනම දසපනතයි. ඒ වගේම ක්‍රිස්‌තුස්‌ වහන්සේ සිදුකළ කන්දඋඩ දේශනාවෙනුත් කිතුනුවෙක්‌ ජීවිතය ගොඩනගා ගත යුත්තේ කෙළෙසද ඔහු සමාජයේ ජීවිත් විය යුත්තේ කෙසේද යන්න ඉතාමත් මැනවින් විග්‍රහ කර තිබෙනවා.

දෙවියන් වහන්සේ වෙත අපි මුළු හදින්ම මුළු සිතින්ම දක්‌වන ගෞරවය ආදරය සමස්‌ත මානව වර්ගයා වෙතම යොමුකළ යුතු බව දස පනතෙහි දැක්‌වෙනවා. තමාට තමා ආදරය කරන තරමටම අන් අය වෙතත් ආදරය ගෞරවය දැක්‌විය යුතු බව කිතු දහමේ ඉගැන්වීමයි.

මට සවන්දෙන ඔබට මා මෙසේ කියමි. ඔබ ඔබේ සතුරාට ප්‍රේම කරන්න. වෛර කරන්නාට යහපතම කරන්න. සාප කරන්නාට සෙත් පතන්න. ඔබේ එක කම්මුලකට පහරදෙන අයට අනෙක්‌ කම්මුලත් හරවන්න.

මේ ආකාරයට කන්දඋඩ දේශනාවෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලෝකයට පෙන්වාදුන්නේ සමාව දීමේ වටිනාකමයි.

සතුරන්ට ප්‍රේම කරන්න. යහපත කරන්න. ආපසු ලබන බලාපොරොත්තුවක්‌ නැතිව ණයට දෙන්න. ඉන් ඔබ ලබන පලවිපාක මහත්ය. ඔබ පරමෝක්‌තමයාණන්ගේ පුත්‍රයෝ වන්නක්‌හුය. මන්ද කෙළෙහිගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණික වූහ.

මේ ආකාරයට ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ ඉගැන්වීම් දෙස බලන විට අන්කවරදාකටත් වඩා වර්තමාන සමාජයට උන්වහන්සේගේ මග පෙන්වීම් අවශ්‍යව ඇති බව පෙනෙන්නට තිබෙනවා.

අපේ වර්තමාන සමාජය මුදල් පසුපස ආශාවන් පසුපස, බලය පසුපස ලුහුබඳිනා මිනිසුන් වැඩිදෙනකුගෙන් සමන්විත එකක්‌. කිතුදහමේ මූලික හර පද්ධතීන් සමඟ මේ පිරිස සම්බන්ධ කර ගන්නෙ කොහොමද?

කිතු දහමේ හදවත ගොඩනැඟෙන්නෙ දේවත්වය මුල්කරගෙන. දෙවියන් වහන්සේ කෙනෙක්‌ පිළිබඳ අප තුළ විශ්වාසයක්‌ තිබෙනවා. උන්වහන්සේ ඈත සිටින විනිශ්චයකරුවෙක්‌ වත් දඬුවම් දෙන්නෙක්‌වත් නෙමෙයි. ජනතා ජීවිත අවස්‌ථාවලට සංවේදීව ජනතාවට මෙහෙවරක්‌ කරන්නට කැපවී සිටින කෙනෙක්‌. මිනිසා පාපයට යොමුවුණාට පස්‌සෙ ඒ පාපී බවින් මිනිසාව මුදවල ජීවිතයට විමුක්‌තිය ලබාදීම සඳහා තම ආදර පුතණුවන් වන ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙලොවට එව්වේ ඒ නිසයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙලොවට ඇවිත් හැමවිටම කළේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගැනීම නෙමෙයි.

මා පැමිණි කෙනෙක්‌ නොව එවනු ලැබූ කෙනෙක්‌. දෙවියන්වහන්සේ මා එව්වේ ජනතාවට විමුක්‌තිය උදාකරදීමටයි යන්න වචනයෙන් පමණක්‌ නොව උන්වහන්සේ ක්‍රියාවෙනුත් ඔප්පු කළා. දුගී මගී අසරණයන්ට සරණවෙමින්, නිරාහාරව සිටින්නට ආහාර ලබාදීමෙන්, ලෙඩුන් සුවකිරීමෙන් ආදී සෑම ක්‍රියාවකින්ම උන්වහන්සේ පෙන්නුම් කළේ තමුන් මෙලොවට පැමිණියේ දෙවියන් වහන්සේගේ අභිමත සැබෑ රාජ්‍යය ගොඩනගල සෑම පුද්ගලයකුටම සුවසේ නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක්‌ ඇති කිරීමට බවයි. තම දේශන තුළිනුත් ක්‍රියාවන් තුළිනුන් එය සනාථ කරන්නට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේගේ දහම සමාජය හා බද්ධවන්නේ උන්වහන්සේට දක්‌වන ආදරය, ගෞරවය හා පීතෲත්වය රකිමින් එය ක්‍රියාවට නැගීමෙනුයි. දුගී දුප්පත් අසරණයන්ට පිහිට වීම වගේම ජීවිතය අඳුරු වළාවන්ට හසුව සිටින්නන් ඉන් මුදාගැනීමට උපකාර කිරීමෙන් උන්වහන්සේ යළිත් සමාජය තුළ ජීවමාන වනවා.

නමුත් අද අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නෙ බිහිසුණු සමාජයක. ජීවිත වටිනාකම් හා සාරධර්ම වේගයෙන් ගිලිහෙමින් යන සමාජයේ මේ ගමන වෙනස්‌ කරන්නට කිතු දහමින් ලබාගත හැකි අනුබලය කවරක්‌ද?

සමාජයක පැවතිය යුතු ඉතාමත්ම වටිනා දේ අවබෝධයයි. නමුත් අද අපේ රට දෙස බලන විට අෙන්‍යාaන්‍ය අවබෝධය ගිලිහී යැම තුළින් ඉතාමත් ශෝචනීය තත්ත්වයකට රට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. රට තුළ නීතිය ගිලිහෙමින් තිබෙන නිසා බලය තිබෙන අය තම තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට පටන් අරන් තියෙනවා. යම් පුද්ගලයෙක්‌ වරදක්‌ කළොත් රටේ සම්මත නීතියට අනුව ඒ පිළිබඳ ක්‍රියා නොකර යම් යම් අවශ්‍යතා මත කටයුතු කරන්නට යැම රටේ සුබසිද්ධියට හේතු වෙන්නෙ නෑ. අද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ.

බල තන්හාවෙන් හා කාමභෝගී දිවි පැවැත්මෙන් අවුල් වී ගිය මේ සමාජය නිරවුල් කරගන්නට කිතුදහමින් කෙබඳු පිටුබලයක්‌ ලබාගත හැකිද?

එක්‌ අවස්‌ථාවක ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේව මාලිගයට යන විට එක්‌තරා පිරිසක්‌ දේව මාලිගාව තුළ විවිධ ජාවාරම් කරමින් විනෝද උත්සව ආදිය පවත්වමින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙසූ දහමට පටහැනි ලෙස කටයුතු කරන සැටි දකිනවා.

දේව භූමිය තුළ එබඳු කටයුතුවලට ඉඩදිය නොහැකි බව පවසමින් උන්වහන්සේ කසයකින් ඒ පිරිසට පහර දෙනවා. දේව සභාව තුළ මේස පුටු ආදිය තබාගෙන නොයෙක්‌ ජාවාරම් කළ ඒ පුද්ගලයන්ගේ බඩු භාණ්‌ඩ කඩා බිඳදමමින් උන්වහන්සේ විශාල කලබැගෑනියක්‌ කරනවා.

එලෙස කටයුතු කිරීමෙන් උන්වහන්සේ පෙන්වාදෙන්නට උත්සාහ කළේ යුක්‌තිය හා සාධාරණත්වය යටපත් කරමින් අයුක්‌තිය හා අසාධාරණය නැගී සිටින විට නිහඬව නොසිටිය යුතු බවයි. උන්වහන්සේ දුන් ආදර්ශය වර්තමාන සමාජය තුළ අපට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට නොහැකි නමුත් වර්තමාන අපේ සමාජය මේ යන ගමන රටේ සුබ සිද්ධියට හේතුවන්නක්‌ නොවන බව අප ප්‍රකාශ කළ යුතුයි. අද තිබෙන්නෙ සමාජ වටිනාකමක්‌ සාරධර්මයක්‌ ලෙස පැවතිය යුතු විනය හා හික්‌මීම වේගයෙන් සමාජයෙන් බැහැර වීම නිසා ඇතිවූ අර්බුදයක්‌. පුද්ගලයන් තුළ ඇතිවන නොයෙක්‌ ආසාවන්, හැඟීම් සංසිඳවාගැනීම සඳහා සමාජ සම්මත ක්‍රම තිබෙනවා. ඒ වගේම ඕනෑම කෙනකුට තමාගේ ජීවිතය දෙස බලල යමක්‌ තමන්ට ගැලපෙන නොගැලපෙන බව ස්‌වේච්ඡාවෙන් තීරණය කිරීමට හැකිවන ආකාරයේ හික්‌මීමක්‌ ඇති කරන ආගමික චින්තනයන් තිබෙනවා. තමුන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන බහුතරයක්‌ සිටින සමාජයක්‌ අතීතයේ අපේ රටේ තිබුණා. අතීතයේ බොහෝ දෙනා වැරදි කිරීමෙන් වැළකුණේ ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙතැයි ඇති වූ බිය නිසා. අද පාපයේ ගැලෙනවා පමණක්‌ නොවෙයි ඊට නීතිමය පහසුකම් ලබාගැනීමට පවා උත්සාහ දරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගබ්සාව නීතිගත කර ගැනීමට දරන වෑයම පෙන්වාදෙන්න පුළුවන්. අද නීති රීති හදාගන්න උත්සාහ කරන්නෙ නිවැරදිව ජීවත්වන්නට නොව අයුතු ලෙස කටයුතු කරන්නට ඉඩ ප්‍රස්‌ථා ලබාගන්නයි.

ආසියාවේ ධර්මද්වීපය හැටියට නමක්‌ දරන රටේ හැමදාම රැකගත යුතු අපේම උරුමයන් තියෙනවා. අපේ ඇවතුම් පැවතුම්, සමාජය තුළ පැවැති පරාර්ථය, එකිනෙකා වෙත දැක්‌වූ කරුණාව, දයාව අපට සොබාදහමින් වගේම ලැබුණා. මෑතක්‌ වනතුරුම ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස අපේ රට පැවතුනේ ඒ නිසා. නමුත් අද අපේ රට අසමගියෙන් බලකාමයෙන් පිරුණු සමාජයක්‌ තිබෙන රටක්‌. මේ තත්ත්වය වෙනස්‌ කරල අපේ රට සමගියෙන් එක්‌සත්කමින් සහජීවනයෙන් යුතු සමාජයක්‌ සහිත රටක්‌ බවට පත්කරන්නට සෑම ආගමික නායකයකුටම විශාල වගකීමක්‌ තිබෙනවා. සෑම ආගමක්‌ම නියෝජනය කරන නායක පිරිස්‌ තමා නියෝජනය කරන ආගමට අනුව අපේක්‍ෂා කරන ජීවිතමග සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සමාජයට ලබාදී තිබෙනවාද යන්නත් පොදු යහපත සඳහා කැපවිය යුතු ආකාරය පිළිබඳ සමාජය මෙහෙයවා ඇද්ද යන්න ගැනත් නැවත සිතා බැලිය යුතුයි.

අද සමාජය තුළ ඇති වී තිබෙන මේ පරිහානි තත්ත්වයට වර්තමාන දේශපාලනයේ අවිචාරවත් ස්‌වභාවය දැඩි බලපෑමක්‌ සිදුකර තිබෙන බව ඇතමුන් දරන මතයක්‌. එහි ස්‌වභාවය වෙනස්‌ නොකර යහ සමාජයක්‌ රට තුළ ස්‌ථාපනය කරගන්න පුළුවන්ද?

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන්ගේ පරම අභිලාෂය වී ඇත්තේ තමා දියුණු වීමයි. සාමාන්‍ය පුද්ගලයන් ලෙස දේශපාලන බීමට එන බොහෝ දෙනා කෙටි කලක්‌ තුළ ධන කුවේරයන් බවට පත්වන සැටි පෙනෙන්නට තිබෙනවා. අද මේ රටේ අගවිනිසුරුතුමිය දූෂිත කාන්තාවක්‌ ලෙස චෝදනා කරන්නට දේශපාලනඥයන් කටයුතු කරන බව පෙනෙනවා. ඇය එබඳු තැනැත්තියක නම් ඇය ඉවත් කළ යුතු වූවත් ඇය කර ඇතැයි කියන දූෂිත ක්‍රියා විභාග කරන දේශපාලනඥයන් කෙබඳු විනිවිද භාවයකින් යුතු අයද? ඡේසුස්‌ වහන්සේ දේවමාලිsගාවට වැඩි අවස්‌ථාවක විනයධරයෝ කාම මිත්‍යාචාරයේ හැසිරෙද්දී හසු වූ ස්‌ත්‍රියක්‌ උන්වහන්සේ වෙතට රැගෙන ආවා. ගුරු දේවයිsනි මේ ස්‌ත්‍රිය කාමමිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගත්තා. මෙබඳු අයට ගල්ගසා මරා දමන්නට ව්‍යවස්‌ථාවෙන් අපට අණකොට තිබෙනවා. ඔබවහන්සේ මැය ගැන කියන්නේ කිමෙක්‌දැයි උන්හන්සේගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඔබ අතුරෙන් පවක්‌ නැති තැනැත්තා පළමුකොට ඇයට ගලක්‌ ගසන්නැයි කියාය. එය ඇසූ සියලුදෙනාම ඒ ස්‌ත්‍රිය අතහැර යන්නට ගියා.

සෑම කෙනෙක්‌ගේම අපේක්‍ෂාව විය යුත්තේ ඔවුනොවුන්ගේ සිතැඟිවලට අනුව ජීවිතය සැහැල්ලුවෙන් හා තෘප්තිමත්ව ගත කිරීමයි. එසේ කළ හැක්‌කේ ධනය, බලය ඇතුළු භෞතික සම්පත් රැස්‌කර ගැනීමට ඇති ආශාව අවම වන ආකාරයට කටයුතු කළොත් පමණයි. ඒ සඳහා ආගම දහම කෙරෙහි නිවැරදි නැඹුරුවක්‌ ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක