Thursday, March 21, 2013

ශුද්ධවු බෙනඩික් තුමනි අප නිසා යැදුව මැනව

ශු. බෙනඩික් තුමා - ක්‍රි. ව 480 - 542

උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ' ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා" යි ගායනා කරමිනි. එහි ගිය විට " දැනුත් සදහටත්" කියා යම් හඩක් ඇසුණු විට බෙනඩික් තිගැස්සුනේය. එවිට ඔහු වටපිට බලන්නට විය. ඒ අවස්ථාවේදී ස්වල්ප දුරක වයස්ගත තාපසයෙක් සිටිනු දුටුවේය.

බෙනඩික් තමාට හුදකලා ජිවිතයක් ගත කිරීමට තිබෙන ආශාව මේ තාපසයාට පැවසිය. තාපසයාද තරුණයාට සවන් දී, ඔහුට වන වාසින් පළදින රළු හම් ඇදුමක් දුන්නේය. දිලිදුකම, හිග පාඩු ඇතිව සිටීම, සීතලය සහ නොයෙක් අපහසු කම්, තනිකම හා යාච්ඤාව මේවා මගින් ඔහු අදහස් කලේ තමා දමනය කර දෙවියන් වහන්සේට වඩ වඩා ලංවීමය.

බෙනඩික් සිතුවේ මෙවැනි පරිසරයක දෙවියන් වහන්සේට ලංවීම පහසු බවය. නමුත් යක්ෂයා නොයෙක් මාර්ග වලින් ඔහු පරික්ෂා කළේය. බොහෝ අවස්ථා වලදී ඔහුට මාංශික පරික්ෂාවල් පැමිනෙව්වේය. එහෙත් නොයෙක් පශ්චාත්තාපී ක්‍රියා මගින් ඔහු මේවා දුරු කළේය. යාච්ඤාව හා පශ්චත්තාපය ඔහුගේ දෛනික ආහාරය විය. මෙලෙස ගල්ගුහාවේ ගත කල අවුරුදු 3 පසු ඔහුගේ චිත්තය හා චරිතය වේගයෙන් වර්ධනය වී ප්‍රබල වුයේය.

ඔහුගේ ශුද්ධවන්තකමත්, නොයෙක් ප්‍රාතිහාර්යයන් කිරීමේ බලය සහ අන් අයට මග පෙන්වීම ගැන අවට සිටින අයට දැනගන්නට ලැබී, බොහෝ අවංක අනුගාමිකයෝ ඔහු වෙතට ආකර්ෂණය වුහ. ඔවුන් ආරාම 12 ක පදිංචි කෙරෙව්වේය. එක් එක් ආරාමයක එයට අයත් ශේෂ්ඨතුමා සහ තාපසයන් 12ක් බැගින් නිවාසගත කළේය. මෙලෙස ඔහු තාපස ජීවිතය ආරම්භ කළේය. මේ හැර ශු. බෙනඩික් තුමා තරුණයන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය සදහා පාසල් පිහිටෙව්වේය. ඔහුගේ සඵලත්වය දුටු සමහරු ඊර්ෂ්‍යාවෙන් ඔහුට සතුරු කම් කරන්නට පටන් ගත්තේය. එබැවින් ක්‍රි. ව 529 දී ඔහුගේ අනුගාමික ප්ලසිඩස්ගේ පියාගෙන් ලැබුණු තෑග්ගක් වන මොන්ටකැසිනෝ නම් ස්ථානයට ගියේය. එතැන්හිදීද ඔහු බෙනඩික්තානු නිකායේ මව් ගෘහය වූ විශාල තාපසාරාමය ගොඩනැගුවේය. මේ අලුත් ගොඩනැගිල්ල රෝමයේ නේපල්ස් යන ගමන් මාර්ගයක කදු මත ඇති ආලෝකය විහිදුවන පහන් කණුවක් මෙන් විය. ක්‍රි. ව 526 දී බෙනඩික් තුමා ලියු ව්‍යවස්ථා මාලාවේ අරමුණ වුයේ සුවිශේෂක අනුශාසනා අනුව තාපසයන්ගේ විනය හා ආත්මික හැඩගැස්මය. එයින් විශේෂයෙන් පැතුවේ ජීවමාන සාමුහික ජීවිතය හා ප්‍රීතිදායක කිකරුකමය. තවද ඒ නියෝග වලින් කීකරු කම යටතේ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමේ වටිනාකම එතුමා පෙන්වා දුන්නේය. මන්ද අලස මිනිසෙකුගේ ආත්මය තුල දේව වරප්‍රසාදය ක්‍රියා කරන්නේ නැත. එසේ උද්යෝගිමත්ව ක්‍රියා කිරීමට එකතු කලේ යාච්ඤාව, දේව වන්දනාවට අයත් ඔපිස් යාච්ඤාව සහ වෙනත් යාච්ඤා අභ්‍යාසයන්ය. වංශවත් සිටුවරුද, සාමාන්‍ය දිළිදු අයද, බෙනඩික් තුමා විසින් ආරම්භ කල මේ නිශ්චල, ශේෂ්ඨ සමබර ජිවිත ක්‍රමයට ආකර්ෂණය වුවෝය.

ගොත්වරුන්ගේ රජවූ ටොට්ලා පවා බෙනඩික්තුමාගේ මේ සේවය කොතරම් අගය කලේද කිවහොත්, ඔහුගේ කෘර, වනචාරි ගති දමනය කළේය. ශු. බෙනඩික් තුමා ස්වර්ගස්ථ වුයේ ඔහු තාපසාරාමයේ මහා අල්තාරයේ ඉදිරියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ පසු ඇත ඔසවමින් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීය. ඔහුගේ නිකාය ශු. සභාවට ශුද්ධෝත්තම පාප්වහන්සේලා 24 ක්ද, රදගුරුතුමන්ලා 4600ක් ද දානය කර ඇත. මේ හැර මුළු මිනිස් සංහතියටම එතුමා දේව වන්දනාව හා ධර්මදානය මගින් කිව නොහැකි තරම් සේවයක් කර ඇත.

එතුමාගේ මංගල්‍යය මාර්තු 21 වන දිනට යෙදේ.

Wednesday, March 20, 2013

ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!


ශු. ජුසේ මුනිදුනි, අප නිසා යාච්ඤා කල මැනව !!!

කිතුණු පුවත්


පළමුවැනි ප්‍රැන්සිස්, අභිනව පාප්වහන්සේ රෝමයේදී ජනමාධ්‍යය ඉදිරියේ පෙනී සිටිමින්, දුප්පතුන්ට මෙහෙ කිරීමේ තමන්ට පැවරුන දූත කාර්යය කතෝලික සභාවේ සිහියට ගත යුතු බව ප්‍රකාශ කරති

අභිනව පාප්වහන්සේගේ අදහස් තුලින් පෙනී ගියේ, කතෝලික සභාව, ඉතා චාම් සරළ දිවි පෙවෙතක් සහිත ආයතනයක් බවට පත්වීම, උන්වහන්සේගේ අභිප්‍රාය වන බවයි.

ශාන්ත ප්‍රැන්සිස් මුනිදුන්ගේ නාමය තම සිහියට නැගුනේ, උන්වහන්සේ පාප්වරයට තෝරා පත්කර ගනු ලැබීමෙන් අනතුරුව බවයි පළමු ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රකාශ කළේ.සියගණනක් මාධ්‍යවේදීන් ඉදිරියේ තවදුරටත් කරුණු පැහැදිලි කළ අභිනව පාප්වහන්සේ ,සරල චාම් භාවයේ, සාමයේ සහ දිළිඳු ජනතාවට සේවය කිරීමේ සංකේතයක් වන, අසිසියේ ශාන්ත ප්‍රැන්සිස් මුනිඳුන්ගේ නමින්, පළමු ප්‍රැන්සිස් යන සිය නිලනාමය තෝරාගත් බවත් සඳහන් කළේය.
පදවියට පත් වූ මොහොතේ, එක් කාදිනල්වරයෙකු තම හිසට තට්ටු කර, දුප්පතුන් අමතක නොකරන්නැයි කී වේලෙහි, ප්‍රැන්සිස් මුනිඳුන් නාමය සිහියට නැගුන බවයි, උන්වහන්සේ පවසන්නේ
පළමුවැනි ප්‍රැන්සිස් අභිනව පාප්වහන්සේ ආයාසයකින් තොරව, එසේම ඉතාම සැහැල්ලුවෙන් අදහස් පළ කළ විලාශය මගින් ඉස්මතු කෙරුනේ උන්වහන්සේ තම පූර්ව ප්‍රාප්තික පාප්වහන්සේලාට වඩා සාම්ප්‍රදායික නොවන වෙනස් මාවතක ගමන් කරනු ලබන ආකාරයකැයි මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.

බයිබලයේ වැකි



දැහැමිකම දන්න, සිය සිත් වල මාගේ අණපනත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුබලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළබෙන්න. ( යෙසායා 51 : 7 )



Sunday, March 17, 2013

බයිබලයේ වැකි

ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි. ( හිතෝපදේශ 12: 19 )

Thursday, March 14, 2013

නව පාප්තුමාට අපි හදවතින් සුබ පතමු....


නව පාප්තුමෙකු ආර්ජන්ටිනාවෙන් 

2013-පෙබරවාරි 28 වන දින 16 වන බෙනඩික්ට් පාප්තුමා ඉසිඹු ලැබිමෙන් පසු නව පාප්තුමෙකු සඳහා වතිකානුවේ පැවති චන්ද විමසිමෙන් ආර්ජන්ටිනාවේ බුවර්නෝර්ස් අයර්ස් නුවර 76 හැවිරිදි කාදිනල්  ජෝර්ජ් මාරියෝ බර්පිලියෝ නව පාප්තුමා වශයෙන් තෝරා ගත්තා..මෙහි සුවිෂේශ නමකට එතුමන්ගේ නම වෙනස් කර අතර 1වන ෆ්‍රැන්සිස්කු ලෙස මින් ඉදිරියට  හඳුන් වනු ඇත...ලෝකයේ බිලියන 2ක කතෝලිකයන් නියෝජනය කරන්නට යන නව පාප්වහන්සේ ලෝකයේ පලමු වතාවට ලතින් ඇමරිකානු රාජ්‍යකින් බිහි විත ඇත..අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා අපගේ නව පාප්තුමාව..ඔහුව එතුමන්ගේ රැකවරණය නිතින ලබා දෙන මෙන් දෙවිදු යදිනවා....ජේසු පිහිටයි

Sunday, March 10, 2013

බයිබලයේ වැකි,

තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය. ( ශු. ලුක් 18 : 14 )