Monday, November 19, 2012

තාමත් අප නිදි ද?


තාමත් අප නිදි ද?



ශ්‍රි ලංකා නීතියට අනුව ගත් කල වයස අවුරුදු 18ට අඩු අය ළමුන් ලෙස හඳුන්වනු ලැබේ...එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේද මේ බව සදහන්ව ඇත..ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 75 වන වගන්තියට අනුව වයස 8ට අඩු ළමයෙකු විසින් කරනු ලබන ක්‍රියාවක් වරදක් නොවන බව එහි සදහන් කර ඇත.. පසුගිය ජනමාධ්‍ය මගින් අපට දැනගන්නට ලැබුනේ හද කම්පා කරනු ලැබු සිද්ධීන්ය..අවුරුදු 14ට අඩු කුඩා දරුවන් දුෂණය කිරීම් සහා මරා දැමීම් පිළිබඳ වාර්තා විය. මේවා අසන දකින අය අනේ! අපොයි කීවත් මෙය තමුන්ට හෝ තමුන්ගේ කෙනෙකුට මේ දේ සිදු නොවනු නිසාත් තමුන්ට සිත් නොරිදෙන නිසාත් ඒ සිදුවීම තවත් සිදුවීමක් පමණි.. මාගේ කෙනෙකුට අපේ කෙනෙකුට මේ දේ සිදුවන තුරු අපි නිහඬය.. දකින දකින පාර වල හංදිවල බුදු පිළිම,සුරුවම් ස්ථාපිත කර තිබුණත් පන්සල්,පල්ලි,කෝවිල් සැතපුමෙන් සැතපුමට තිබුණත් උදේ හවා ධර්ම දේශනා ජනමාධ්‍ය තුලින් විකාශණය වුවත් බොහෝ මනුෂ්‍ය හදවත් තුල ජීවිත තුල කිසීම ධර්මයක් නැති බව දෑසේ කඩතුරා හැර බලන කෙනෙකුට මනාවට පැහැදිලි වෙයි..මෙයට වග කිව යුත්තේ කවුරුන්ද?
    ළමා අපචාර,ස්ත්‍රී දූෂණ සහා මිණිමැරුම් පසුගිය කාලයේ වැඩි වශයෙන් සිදු වුනේ රටේ වගකීම් භාරගෙන රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත්වන කාමාතුරයන් අතින්ය..නමුත් මේ සියල්ල පවතිද්දි රජය මුනිවත රකිමින් අසරණයන්ට යුක්තිය ඉටු නොකර නීතිය තම දෑතට ගනිමින්ද කාමාතුරයන් රකිමින්ද තද නිහඬතාවයක පසු වන්නේ කාගේ වරදින්ද?  මානුෂ්‍යාගේ ආත්මීක ජීවිත වර්ධනය කරමින් මනුෂ්‍යන්ගේ පාපයෙන් ඈත් කර තැබීමට කැපවි වැයවෙන ,පූජ්‍ය,පූජක පැවදි වූවන් බහුතරයක් තද නින්දකට යොමුවී තද නිහඬතාවයක පසු වෙයි..ඔවුන්ගේ වගකීම යුතුකම කාලයේ සලකුණු තුලින් මනුෂ්‍ය ආත්ම ගැලවීම වූවත් මනුෂ්‍යා සීග්‍රයෙන් පාපයෙන් විනාශය කරා යද්දී වගකීමෙන් යුතු ආගමීක නායකයන් පවා නිහඬව සිටීම අපගේ අනාගත ඉරණම මොනවට කියා පායි...
   මේ කුඩා වූවන්ගේ කෙනෙකු නොමගට යවන යම් කෙනෙක් වේද ඔහුගේ ගෙලේ ඇඹරුම් ගලක් එල්ලා හෙලිය යුතු බව මේට වසර 2000සට පෙර ජේසුතුමා පැවසුවා නම් අද පවතින දූෂිත සමාජය දෙස බලන විට එයට වඩා තද දඩුවම් වැරදි කරුවන්ට හා වැරදි කීමට උඅදව් කල සැමට ලබා දිය යුතුය.. නමුත් නීතිය වරදට සරිලන දඩුවම් වෙනුවට ලිහිල් පිළිවෙත් නීතිගත වීම නිසා වරදට ඇති බිය පහවී ගොස් මනුෂ්‍ය වරද තුලම තව තවත් කිමිදීමට අවස්තා සලසා දෙමින් මුදලට බලයට නීතිය යටකර ගැනීමට ඉඩකඩ තිබෙන නිසාත් මනුෂ්‍ය හදවත් තුල තිබිය යුතු දයාව කරුණාව සහ ආදරය වෙනුවට ආත්මාර්ථය රජ කරන යුගයක් බිහිවී අපගේ අනාගත පරපුර අබල දුබල කර විනාශ කර දමනු දැක දැක අප සියළු දෙනාම නිහඬව සිටීමෙන් අප රටේ අනාගතයට මේ වෙන්නාවු විනාශයට අපද හවුල් කරුවන් බව මේ නිහඬතාවය කියාපානු ඇත..


                                                                                                                            ගරු මේරි ලුවඩිස්
                                                                                                                            පැවදි සොයුරිය                                                         
                                                                                                                            වැල්ල වීදිය මීසම  
                                                                         
                          (ඥානාර්ත ප්‍රදීපය කතෝලික පුවත් පතෙන් උපුටා ගන්නා ලදී )

Thursday, November 8, 2012

ආගම් දෙකක් අතර වෙනස


මුස්ලිම් වරු සහ කතෝලිකයන් අතර වෙනස



මේ කතාව නම් වෙනස් වෙන්න පුලුවන්..අද මේ රටේ ජාතිවාදි ප්‍රශ්ණ ඇති වෙමින් පවතිනවා...අද ගෑණු කෙනෙක් එක්කත් මූණු පොතේ චැට් කරත් හම්බයන්ට බනිනවා...මම නම් එහෙම බනින්න කැමති නෑ...අද මා එක්ක අක්කා කෙනෙක් වලියක් දාගෙන බ්ලොක් කරා...එයාට සත්‍ය වැටහෙයි..මගෙ ෆේස්බුක් අකවුන්ට් එක බ්ලොක් වුනා ඒ ගබ්සාවට එරෙහිව වෝල් පෝස්ට් එකක් දැම්මට..සමහරක් අයට හොඳ දෙයක් දැක්කම ඉන්න බෑ කකියනවා...ඒ ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කකුලෙන් අදිනවා..ගබ්සාවට ගොඩාක් තදින් විරුද්දයි කතෝලික සභාව ඒ වගේම මුස්ලිම් ආගමෙත් එහෙමයි...ඒ ගැන දාපු එකට ෆේස්බුක් එකේ ඉන්නවා සයිබර් සිංහයෝ ඒ අයට අනෙක් ආගම් පේන්න බෑ..ඉතින් මාව රිපෝර්ට් කරා..රිපෝර්ට් කරන්න කලින් දාලා මට මැසේජ් එකක් කතෝලික සභාවේ එවුන්ට පස්ස දෙන එකෙක්ද? තෝ කියලා...මං තෝව රිපෝර්ට් කරනවා කියලා..මිනිහා අර සොරි .කොම් එකට මං ගැන කියලා ඒකේ ඉන්න  නපුංසක සිංහයෝ මාව රිපෝට් කලා...ඉතින් මං ඒ අක්කට ඒ ගැන කිව්වම එයා කියනවා ඒ මුස්ලිම් එවුන්ගේ වැඩලු..අනේ නෙදකින් අක්කේ..ඔයා කොහෙද? ලංකාවේදි නැත්තම් වෙන රටක වෙන්න ඇති..කමක් නෑ ඒ ගැන වැඩියෙ කියන්න ඕනේ නෑ..දැන් ගොඩාක් අය අල්ලා දෙවියන්ට බනිනවනේ..කතෝලික අපිඅටත් ඒක රිදෙනවා..මුස්ලිම් කතෝලික කියන්නේ එකම දෙවියන්ව අදහන ආගම් 2ක්..අපි වෙනසකට වගේ ජේසුව අදහනවා..තව අපේ වැරැද්දක් පිල්ලිම වන්දනාව..ඒක බයිබලයේ පවා තියනව පිලිම වන්දනා කරන්න එපා කියලා..මාත් ඒකයි කියන්නේ අපි පිලිමෙකට වැන්දා කියලා වැඩක් නෑ..මුස්ලිම් සහ කතෝලික අබ්‍රාඅම්ගෙන් පැවත එන ජාතියක්..දෙවියන් වහන්සේ අබ්‍රාහම් තුමාට කිව්වා.. අබ්‍රහම් මම නුඹගෙන් විශාල ජාතියක් බිහි කරනවා..එය මුලු පොලෝ තලේම පැතිර්නවා...ඉතින් ඒක අද ඇත්තක් වෙලා ඉවරයි...ඒ නිසා සියලුම අයට කියන්නේ මුස්ලිම් අයගේ දෙවියන් කියන්නේ කතෝලික අයගේ දෙවියන්මයි....ඒ හින්දා දෙවියන්ගේ නාමයට කුණු හරපෙන් බනින්න එපා..ඔයාලා හිතනවා ඇති අපි නොදැකපු දෙවියෙක් වදිනවා කියලා..සක්ශි තියනවා ගොඩාක්..ඒ ගැන....ඒ දේවල් ඉදිරියේදි කතා කරමු ..අක්කේ දැන් වත් තේරුණාද? කවුද? කැත වැඩේ කලේ කියලා..ඔයා ඉස්සරහට දුක්වෙයි...

Wednesday, October 31, 2012

මත් රකුසාගෙන් අපේ රට බේරාගමු



මත් රකුසාගෙන් අපේ රට බේරාගමු


මේ බ්ලොග් සටහන ලියන්න හිතුවේ වෙනස් දෙයක් ගැන නම් නෙවේ මත් රකුසා,ගණිකා ජාවාරම,ළමා අපයෝජන ගබ්සාව ශ්‍රී ලංකාව වසාගෙන ඉන්නවා කියද්දි සමහරක් අයට පුදුමයක් වෙන්න පුලුවන් ඒත් මට නම් පුදුමයක් නෙවේ අපේ මීගමුවේ පියතුමන්ලා සහා තරුණ ළමයින් දෙමාපියන් එදා ඉදන්  කතෝලික පල්ලිය සමගින් මේ දේවල් වලට විරුද්ධව සටන් කලා එයට අපේ ගමේ තරුණ පිරිසගේ දායකත්වයත් අතිවිශාලයි..අද තරුණ,තරුණියන්ගේ සහ කුඩා ළමුන්ගේ ජීවිතේ නැතිවෙන්න හේතුව මත් ද්‍රව්‍ය...අද කුඩා ළමුන් පවා අපයෝජනයට,අතවරයට ලක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතින් ඒත් මත් ද්‍රව්‍ය භාවිතා නොකරන්නන් අතිනුත් එය සිදුවෙනවා ඒ වගේ පහත් සමාජයක තමයි අද අපි ඉපදිලා ඉන්නේ ..අද ජාතිවාදය පතුරමින් උද්ගෝශණ වි‍යාපාර කරන  සිවුර ඇඳි දේශමාමක යැයි කියාගන්න පුද්ගලයන් අනුරාධපුරයේ ගල්කණු පෙන්නන් මේ දේශය සිහලුන්ගේ මේ රටේ එකෙක්වත් අපිට ඉහලින් ඉන්න දෙන්න බෑ මේ මගේ රට බොලව කියමින් උගුරු දණ්ඩ කඩාගෙන කෑගැසුවත් මේ රටේ වෙන කිසි දෙයක් ගැන ඔවුන්ගේ දෑස විවර නෑ එය රටේම අභග්‍යකි..මේ රටේ දහම් පාසල් වලට වඩා මත් පැන් අලවි සැල් තියනවා..අහින්සක අම්මා කෙනෙක් මෙලොවින් සමුගත්තාත් ඒ අම්මා බුදු පිලිමෙකට පයින් ගැසුවා කියමින් බොරු ප්‍රචාර අන්තර්ජාලය තුලින් ප්‍රකාශ කරමින් සත්‍ය කුමක්ද? කියා නොදැන  කොමන්ට් කර  මෝඩයන්ගේ ඇසුත් අන්ධයි...මත් රකුසාට මීගමුවේ බිලිවුන තරුණ පරම්පරාව ගොඩ නගන්න එදා ඉදන්ම සටනට බැහැපු පියතුමන්ලා පවා මරා දැමු සහාසිකයන්ගේ බලල් අත් අදත් අපේ  නගරයේ සිදුවෙයි..ගිය ඉරිදා 2012 ඔක්තොම්බර් මස 28 වන දින මුලු මීගමුවම පාරට බැස උද්ගෝශණය කලේ මේ රටේ සිදු වන දේවල් ගැන දෑස් විවර කරන්න කියා බලකරමින්..අපි මීගමුව උදෙසා කෑ ගැසුවා නොවේ මුලු මහත් ශ්‍රී ලංකාවේ අනාගත කිරුළු දරන්නන් වෙනුවෙන් අපි හඬ නැගුවේ අපිට මිනිස්සු ගැන කැක්කුමක් තියනවා..මේ මගේ ශ්‍රී ලංකාවයි මත් රකුසාගෙන් මේ රට බේරාගමු,අද මේ රටේ සිදුවන ගබ්සාව,ළමා අපයෝජන,ගණිකා වි‍යාපාර මේ,මතට තිත මේ හැමදේටම තිත තබලා ගමේ පන්සලෙන්,පල්ලියෙන්,කෝවිලෙන් බිහිවු සාරධර්ම පිරි රටක් බිහි කරන්න ඔබේ දායකත්වය ලබාදෙන්න..කතෝලිකයෝ වන අපි අවජාතකයන් කියා කෑ ගසන මේ නපුරු සමාජයට අපි ආදර්ශ‍යක් වෙන්නේ අපිට අවශ්‍ය නෑ ජාතිවාදේ ආගම්වාදේ මේ රට අපි හැමෝගෙමයි යුද්ධයෙන් පසු මත් රකුසාගේ ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගමු..

ඔබට ජේසු පිහිටයි,තෙරුවන් සරණයි

Wednesday, October 24, 2012

අනිවාර්යෙන් ඔබේ සහය මං පතනවා.


තරු පිරි අහසට බ්ලොගය කියවන එන ඔබට විශේෂ නිවේදනයයි
අනිවාර්යෙන් ඔබේ සහය මං පතනවා...
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බ්ලොගයට ආවට කමක් නෑ බ්ලොගයේ වැරදි අඩුපාඩු හදාගන්න කොමන්ට් එකක් නොදා යන එක හරි නෑ නේද?

Tuesday, October 23, 2012

අම්මේ ඉන්න තැනකින් එන්න


අම්මේ ඉන්න තැනකින් එන්න..මට ඔයා එක්කම මෙහෙ ඉන්න හැකි අම්මේ .. ඔයාගේ බඩගින්නත් නිවෙවි ආපහු කෑම සොයන්න ඔනේ නෑ..ඉක්මනට එන්න අම්මේ මාව සොයාගෙන




ළමා නිවාසයේ  කම්බි දැලකින් මා පාර දිහා බලාගෙන ඉන්නේ
ඔබ මා එක්ක යන්න එයි කියා සිතමින්නේ
දෑස රිදෙනවා අම්මේ ඔබ එනතුරු බලා උන්නත්
හදන්න පුලුවන් නම් ඇයි මා මහමග දමා ගියේ


පියෙකු නෑ මට,උප්පැන්නකුත් නෑ මට
ඔබ පෙවු කිර මට මතකයි අම්මේ තවම
කෑම සොයන්න ගිය ඔබ වීදි දිගේ
ආපසු ආවේ නෑ මා තනි වුනා විදිකොනේ


හිත හොඳ මහත්මියක් මා දැක
ඇහුවා පුතේ අම්මා කෝ ඔබගේ
මා අඩමින්  සිටි  ඇයට දුක හිතුනා සිතට
එක්කන් ගියා අනාත නිවසට ළමුන් පිරිලා ඇත එහි නිවස


ඒත් මගේ පරණ මතකය අමතක නොවි ඇත
සිතන පතන හැම වෙලේම අම්මේ ඔබවයි සිහිවෙන්නේ
මෙහි සැප තිබුණත් මගේ බඩට ඔබටත් එය ලැබුනානම් අගනේය
මොන සැප තිබුණත් මට අම්මේ ඔබ නැති අඩුව දැනේ මට

Monday, October 22, 2012

මේ දුක් බර අවස්තාව ගැන ඔබට මොකක්ද? හිතෙන්නේ


දකුණේ පින් ඇති පින්බිම වැවුරු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහිකටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරේ ගියා පැටව් එක්කම

අප්පච්චි කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවි තාම  ලඟ ලඟ
අනාගතේ මා දුටු සුබ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය  ගියා මුහුදට

පිහිටවෙලා බේරගන්න මගේ කූඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ලඟ
සොදුර සමග දරුවන් බිලිගත්තා වගේම
මාවත් බිලිගත්තා නම් දුකක් නෑ මට

Friday, October 19, 2012

මට සමාවෙන්න ජේසුනි


 

 මං ආසම කිතුණු ගීතිකාවක් මේක මේ ගීතිකාව කියන්නේ බ්‍රදර් ඇන්ටන් චාල්ස් තෝමස් ..මේ ගීතිකාව අහද්දි මට මගේ අතීතය මතක් වෙන්නේ..මං ලොකු පවු කාරයෙක් ජේසුව විශ්වාස නොකර තැන තැන දිව්වා..ජේසුට ඇඟිල්ල දික් කරලා හදවතින් බනින්න ඇති ඒ මගේ කේන්තියට මං අද ඒ ගැන ලැජ්ජ වෙවි දුක් විඳිනවා..කොහෙ ගියත් ආයේ මං ආවේ ජේසු ලඟටමයි........මං වගේ පවු කාරයෙක්ව ජේසු ආදරෙන් පිලි ගත්තා මං ආයේ වැරදි කරන්නේ නෑ.. මට සමාවෙන්න ජේසුනි..





මට දරන්න බෑ ජේසුනී ඔබේ ආදරේ
දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනී
මට කියන්න බෑ වචනයෙන් මගේ ජේසුනී
හදවත ඉකි බිද හඩනවා මගේ ජේසුනී
මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී

මං ආදරෙයි ආදරෙයි සුදු ජේසුනී
මං ආදරෙයි...


සහනය සොයා ලෝකයේ ඉගිලුනා
මා රැවටුනා සෑමදා මා තනි වුනා
හද පෑරුණා වේදනාවෙන් මිරිකුනා
සිත කැළඹුනා පාපයේ මා සැගවුනා


මගේමයි කියා ආදරේ කල සැමදෙනා

මා හැරගියා ජීවිතේ මට තේරුණා
ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා
හද සැනසුනා ජේසුනි ඔබ ලං වුනා