දකුණේ පින් ඇති පින්බිම වැවුරු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුලු වැටුනට
මොර සූරන වැහිකටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරේ ගියා පැටව් එක්කම
අප්පච්චි කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවි තාම ලඟ ලඟ
අනාගතේ මා දුටු සුබ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
පිහිටවෙලා බේරගන්න මගේ කූඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නේ නෑ ලඟ
සොදුර සමග දරුවන් බිලිගත්තා වගේම
මාවත් බිලිගත්තා නම් දුකක් නෑ මට
No comments:
Post a Comment