අම්මේ ඉන්න තැනකින් එන්න..මට ඔයා එක්කම මෙහෙ ඉන්න හැකි අම්මේ .. ඔයාගේ බඩගින්නත් නිවෙවි ආපහු කෑම සොයන්න ඔනේ නෑ..ඉක්මනට එන්න අම්මේ මාව සොයාගෙන
ළමා නිවාසයේ කම්බි දැලකින් මා පාර දිහා බලාගෙන ඉන්නේ
ඔබ මා එක්ක යන්න එයි කියා සිතමින්නේ
දෑස රිදෙනවා අම්මේ ඔබ එනතුරු බලා උන්නත්
හදන්න පුලුවන් නම් ඇයි මා මහමග දමා ගියේ
පියෙකු නෑ මට,උප්පැන්නකුත් නෑ මට
ඔබ පෙවු කිර මට මතකයි අම්මේ තවම
කෑම සොයන්න ගිය ඔබ වීදි දිගේ
ආපසු ආවේ නෑ මා තනි වුනා විදිකොනේ
හිත හොඳ මහත්මියක් මා දැක
ඇහුවා පුතේ අම්මා කෝ ඔබගේ
මා අඩමින් සිටි ඇයට දුක හිතුනා සිතට
එක්කන් ගියා අනාත නිවසට ළමුන් පිරිලා ඇත එහි නිවස
ඒත් මගේ පරණ මතකය අමතක නොවි ඇත
සිතන පතන හැම වෙලේම අම්මේ ඔබවයි සිහිවෙන්නේ
මෙහි සැප තිබුණත් මගේ බඩට ඔබටත් එය ලැබුනානම් අගනේය
මොන සැප තිබුණත් මට අම්මේ ඔබ නැති අඩුව දැනේ මට
No comments:
Post a Comment