Sunday, March 10, 2013
බයිබලයේ වැකි,
තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය. ( ශු. ලුක් 18 : 14 )
දොමිනික් සාවියෝ තුමා
ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 - 1857 )
ශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.
කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.
දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. " මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.
පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.
එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.
වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. " අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? "
ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජෙසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.

Wednesday, March 6, 2013
පරිස්සම්වන්න
රඟපාන්න දෙන්නම් කියන අයගෙන් පරිස්සම්වන්න
චිත්‍රපට වල හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ඇති බවටත්, නර්ථන කණ්ඩායම්වල නර්ථනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත්, විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගී කරගෙන දැන්වීම් පලකර කාන්තාවන් හා තරුණ ගැහැණු ළමුන් රවටා ඔවුන් නොයෙක් අපචාර ක්‍රියාවලට යොදවා ගැනීම් පිළිබඳව තොරතුරු වාර්ථා වී ඇතැයි පොලිසිය පවසයි.
ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම් පලකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමුන්ද රවටා අපචාර ක්‍රියා වලට යොදවාගත් බවට පසුගිය කාලයේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබී ඇත.
එලෙස රැකියා අවස්ථා ඇති බවට පලකරණු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකතන අංකයන් නොමැති බවටද අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයකි.
කිසිදු සොයා බැලීමකින් තොරව රඟපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.
තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක්වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ වාර්ථාවී ඇත.
එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පලකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලිනාට්‍ය වල රඟපෑමේ අරමුණින් අදාල පාර්ශවයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරික්ෂණ වලට සහභාගිවන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හෙඳින් සොයා බලා එම ආයතනවල විශ්වාසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරතවන ලෙසට පොලිසිය මහජනතාව දැනුවත් කර සිටී.

Tuesday, March 5, 2013
දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
Tumaco හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.
මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් තේය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.

Monday, March 4, 2013
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු ....
දෙව වචනය නම් මෙයයි ..
මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට උවද එසේ නොකලානම් එය නොකළේ මටය...
( ශු. මතෙව් 25 : 45 )
Thursday, February 14, 2013
අද වැලන්ටයින් දිනය නේද?
වැලන්ටයින් තුමා හදුනාගෙන කටයුතු කරමු !!!
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි. එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි. මෙදින වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. තම මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීමටත් යුහුසුළු වෙති. මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.
වැලන්ටයින් තුමා යනු කවුද? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි
එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජක වරයෙකි වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා මරා දැමීමට නියම කළේය. මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් මරණයට තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස ගසා දමන වදකයාගේ දියණිය විය.
එසේම මෙතුමා " ආදරවන්තයින්ගේ වීරයා" ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය. රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණියය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.
මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය. අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.
Subscribe to:
Posts (Atom)