රඟපාන්න දෙන්නම් කියන අයගෙන් පරිස්සම්වන්න
චිත්‍රපට වල හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ඇති බවටත්, නර්ථන කණ්ඩායම්වල නර්ථනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත්, විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගී කරගෙන දැන්වීම් පලකර කාන්තාවන් හා තරුණ ගැහැණු ළමුන් රවටා ඔවුන් නොයෙක් අපචාර ක්‍රියාවලට යොදවා ගැනීම් පිළිබඳව තොරතුරු වාර්ථා වී ඇතැයි පොලිසිය පවසයි.
ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම් පලකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමුන්ද රවටා අපචාර ක්‍රියා වලට යොදවාගත් බවට පසුගිය කාලයේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබී ඇත.
එලෙස රැකියා අවස්ථා ඇති බවට පලකරණු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකතන අංකයන් නොමැති බවටද අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයකි.
කිසිදු සොයා බැලීමකින් තොරව රඟපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.
තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක්වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ වාර්ථාවී ඇත.
එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පලකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලිනාට්‍ය වල රඟපෑමේ අරමුණින් අදාල පාර්ශවයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරික්ෂණ වලට සහභාගිවන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හෙඳින් සොයා බලා එම ආයතනවල විශ්වාසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරතවන ලෙසට පොලිසිය මහජනතාව දැනුවත් කර සිටී.
Wednesday, March 6, 2013
Tuesday, March 5, 2013
දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
Tumaco හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.
මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් තේය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.
පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. " සහෝදරවරුනි, අපි වෙරළට යමු " එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.

Monday, March 4, 2013
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු
දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු ....
දෙව වචනය නම් මෙයයි ..
මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට උවද එසේ නොකලානම් එය නොකළේ මටය...
( ශු. මතෙව් 25 : 45 )
Thursday, February 14, 2013
අද වැලන්ටයින් දිනය නේද?
වැලන්ටයින් තුමා හදුනාගෙන කටයුතු කරමු !!!
පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි. එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි. මෙදින වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. තම මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීමටත් යුහුසුළු වෙති. මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.
වැලන්ටයින් තුමා යනු කවුද? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි
එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජක වරයෙකි වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා මරා දැමීමට නියම කළේය. මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් මරණයට තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස ගසා දමන වදකයාගේ දියණිය විය.
එසේම මෙතුමා " ආදරවන්තයින්ගේ වීරයා" ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය. රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණියය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.
මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය. අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.
Thursday, January 10, 2013
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!
අසිරිමත් නත්තල වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් ගවලෙන් ඉදි කිරීම සිදු කෙරේ.ඒ බොහෝ විට කිතුණු බැතිමතුන්ගේ නිවෙස් තුළය.නමුත් විහාරස්ථානයක ස්වාමින්වහන්සේලා සහ තරුණ බෞද්ධ සමිතිය එක්ව ගවලෙනක් ඉදි කර තිබේ.මාරවිල - දෙමටපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මඩුකුඹුරුමුල්ලේ විමලඥාන ස්වාමීන් වහන්සේ තම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයද එක්ව විහාරස්ථානය ඉදිරිපිට දර්ශණීය ගවලෙනක් ඉදි කළේය.මේ එකී ගව ලෙන ඉදි කළ අවස්ථාවයි.

සාන්ත නිකුලා තුමා හෙවත් නත්තල් සීයාව වෙළඳ භාණ්ඩයක් නොකරමු

නත්තල් සීයා ලෙස පුංචි දරුවන් අතර වඩාත් ජනප්‍රිය සාන්ත නික්ලස් තුමා අද නත්තල් සීයා නමින් වෙලඳ භාණ්ඩ බිහිවී ඇත නත්තල් සීයා ලෙස පුංචි දරුවන් වඩාත් ප්‍රිය කරන සාන්ත නික්ල්ස තුමා (නිකුලා) ...අද අන්තර්ජාලයේ නත්තල් සීයා නමින් සල්ලාලයන් සිටිනවා..වෙලඳ භාන්ඩ සඳහා නත්තල් සීයා යොදා ගන්නවා ඇත්තටම නත්තල් සීයා කවුද? කියාවත් නොදැන අධර්මිශ්ඨ සමාජය ඔහුව විකුණා කනවා...සැබෑ නත්තල සැමරු සාන්ත නිකුලා තුමා දුප්පතුන් සමග තම නත්තල බෙදා හදා ගත් බව නොදැන අසභ්‍ය චායාරූප පවා ඔහුට එක් කර ඔහුව විවේචනය කරයි...වර්තමානයේ ලංකාවේ අන්‍යාගමිකන් පවා ඔහුව විවේචනය කරයි..කිතුණු අප තාඩන,පීඩණ,විවේචන මතින් බිහිවු දහමකී අපි එය ඉවසනවා... ක්‍රි.ව 270 වේදි ඔහු තුර්කියේ උපත ලැබුවේය සාන්ත නිකුලස් තුමා ධනවත් පවුලකින් පැවත ආ කෙනෙකු..ඔහු සියල්ල අත හැර ජේසුස් වහන්සේගේ ගමන සඳහා ඔහු එක් වුවා.. ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තාන පෙලක්
1 ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිට සිරගත වු අවස්තාවන් එමටයි .
2 දෑවැද්ද දීමට නොහැකිව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞව්වණියන්ට රන් ආභරණ ලබා දීම .
3 බිලි පුජාව සඳහා ඝාතනයට සූදානම් කල දරුවන්ගේ ජීවිතය බේරාගැනිම .
4 මුහුදේ කුණාටු නිශ්චල කිරීම .
5 ඉඩෝර සමයේදි දිළිඳුන්ට ආහර ලබා දීම.
6 අසාධාරණ ලෙස මරණ දණ්ඩණය නියමවු මිනිසුන් බේරා ගැනීම.
7 නෞකා ආශිර්වාද කිරීම.
8 සාන්ත නිකුලා මුනිදුන් මළවුන්ගෙන් නැගිට වු දරුවන් තිදෙනා සහ දේව වචනය ඇතැතිව .
9 ඔහු නත්තලට දරුවන්ට තෑගි බෙදා දීම.
10 ඔහුගේ ස්වර්ගස්ත වීම මා මෙහි උපුටා දැක්වූවේ සුලුවෙන් මෙතුමා කල සේවය අති මහත්ය..
ශුද්ධවු නිකුලස් මුනිඳුන් ත්‍යාගශීලි,තමන්සතු දේ දිළිඳුන් සමග බෙදාගත් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් ය. එබැවින් උන්වහන්සේගේ සැබෑ ජීවිතය විකෘතී කරන වෙළන්ඳ ලෝකයෙන් උන්වහන්සේව බේරා ගන්නා ලෙස මෙම ආගමන කාලය තුල අපි දෙවිදුන් යදිමු... ජේසු පිහිටයි වැඩි විස්තර සඳහා http://en.wikipedia.org/ wiki/Saint_Nicholas
නත්තල් සීයා ලෙස පුංචි දරුවන් අතර වඩාත් ජනප්‍රිය සාන්ත නික්ලස් තුමා අද නත්තල් සීයා නමින් වෙලඳ භාණ්ඩ බිහිවී ඇත නත්තල් සීයා ලෙස පුංචි දරුවන් වඩාත් ප්‍රිය කරන සාන්ත නික්ල්ස තුමා (නිකුලා) ...අද අන්තර්ජාලයේ නත්තල් සීයා නමින් සල්ලාලයන් සිටිනවා..වෙලඳ භාන්ඩ සඳහා නත්තල් සීයා යොදා ගන්නවා ඇත්තටම නත්තල් සීයා කවුද? කියාවත් නොදැන අධර්මිශ්ඨ සමාජය ඔහුව විකුණා කනවා...සැබෑ නත්තල සැමරු සාන්ත නිකුලා තුමා දුප්පතුන් සමග තම නත්තල බෙදා හදා ගත් බව නොදැන අසභ්‍ය චායාරූප පවා ඔහුට එක් කර ඔහුව විවේචනය කරයි...වර්තමානයේ ලංකාවේ අන්‍යාගමිකන් පවා ඔහුව විවේචනය කරයි..කිතුණු අප තාඩන,පීඩණ,විවේචන මතින් බිහිවු දහමකී අපි එය ඉවසනවා... ක්‍රි.ව 270 වේදි ඔහු තුර්කියේ උපත ලැබුවේය සාන්ත නිකුලස් තුමා ධනවත් පවුලකින් පැවත ආ කෙනෙකු..ඔහු සියල්ල අත හැර ජේසුස් වහන්සේගේ ගමන සඳහා ඔහු එක් වුවා.. ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තාන පෙලක්
1 ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිට සිරගත වු අවස්තාවන් එමටයි .
2 දෑවැද්ද දීමට නොහැකිව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞව්වණියන්ට රන් ආභරණ ලබා දීම .
3 බිලි පුජාව සඳහා ඝාතනයට සූදානම් කල දරුවන්ගේ ජීවිතය බේරාගැනිම .
4 මුහුදේ කුණාටු නිශ්චල කිරීම .
5 ඉඩෝර සමයේදි දිළිඳුන්ට ආහර ලබා දීම.
6 අසාධාරණ ලෙස මරණ දණ්ඩණය නියමවු මිනිසුන් බේරා ගැනීම.
7 නෞකා ආශිර්වාද කිරීම.
8 සාන්ත නිකුලා මුනිදුන් මළවුන්ගෙන් නැගිට වු දරුවන් තිදෙනා සහ දේව වචනය ඇතැතිව .
9 ඔහු නත්තලට දරුවන්ට තෑගි බෙදා දීම.
10 ඔහුගේ ස්වර්ගස්ත වීම මා මෙහි උපුටා දැක්වූවේ සුලුවෙන් මෙතුමා කල සේවය අති මහත්ය..
ශුද්ධවු නිකුලස් මුනිඳුන් ත්‍යාගශීලි,තමන්සතු දේ දිළිඳුන් සමග බෙදාගත් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් ය. එබැවින් උන්වහන්සේගේ සැබෑ ජීවිතය විකෘතී කරන වෙළන්ඳ ලෝකයෙන් උන්වහන්සේව බේරා ගන්නා ලෙස මෙම ආගමන කාලය තුල අපි දෙවිදුන් යදිමු... ජේසු පිහිටයි වැඩි විස්තර සඳහා http://en.wikipedia.org/
හිටපු නායක මහේල ජයවර්ධනගේ ජීවිතේ සත්‍ය අනාවරණයක්
- මහේලගේ අපි නොදුටු පැත්ත -
වසර 3කට පෙර ,
දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
-------------------------- -------------------------- -------------------------- --------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------- -------------------------- -------------------------- -------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.

මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./ පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින් )
වසර 3කට පෙර ,
දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
--------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
--------------------------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
--------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./
Subscribe to:
Posts (Atom)