Monday, March 4, 2013

දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු


දෙවියන්ව මිනිසුන් තුලින් දකිමු ....
දෙව වචනය නම් මෙයයි ..
මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට උවද එසේ නොකලානම් එය නොකළේ මටය... 


( ශු. මතෙව් 25 : 45 )

Thursday, February 14, 2013

අද වැලන්ටයින් දිනය නේද?


වැලන්ටයින් තුමා හදුනාගෙන කටයුතු කරමු !!!


පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වූ දිනයකි. එනම් එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි. මෙදින වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් වෙති. තම මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීමටත් යුහුසුළු වෙති. මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.

වැලන්ටයින් තුමා යනු කවුද? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි

එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජක වරයෙකි වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා මරා දැමීමට නියම කළේය. මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් මරණයට තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස ගසා දමන වදකයාගේ දියණිය විය.

එසේම මෙතුමා " ආදරවන්තයින්ගේ වීරයා" ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය. රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණියය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.

මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය. අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.

Thursday, January 10, 2013

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්..!

අසිරිමත් නත්තල වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් ගවලෙන් ඉදි කිරීම සිදු කෙරේ.ඒ බොහෝ විට කිතුණු බැතිමතුන්ගේ නිවෙස් තුළය.නමුත් විහාරස්ථානයක ස්වාමින්වහන්සේලා සහ තරුණ බෞද්ධ සමිතිය එක්ව ගවලෙනක් ඉදි කර තිබේ.මාරවිල - දෙමටපිටිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මඩුකුඹුරුමුල්ලේ විමලඥාන ස්වාමීන් වහන්සේ තම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයද එක්ව විහාරස්ථානය ඉදිරිපිට දර්ශණීය ගවලෙනක් ඉදි කළේය.මේ එකී ගව ලෙන ඉදි කළ අවස්ථාවයි.

සාන්ත නිකුලා තුමා හෙවත් නත්තල් සීයාව වෙළඳ භාණ්ඩයක් නොකරමු


සාන්ත නිකුලා තුමා හෙවත් නත්තල් සීයාව වෙළඳ භාණ්ඩයක් නොකරමු


නත්තල් සීයා ලෙස පුංචි දරුවන් අතර වඩාත් ජනප්‍රිය සාන්ත නික්ලස් තුමා අද නත්තල් සීයා නමින් වෙලඳ භාණ්ඩ බිහිවී ඇත නත්තල් සීයා ලෙස පුංචි දරුවන් වඩාත් ප්‍රිය කරන සාන්ත නික්ල්ස තුමා (නිකුලා) ...අද අන්තර්ජාලයේ නත්තල් සීයා නමින් සල්ලාලයන් සිටිනවා..වෙලඳ භාන්ඩ සඳහා නත්තල් සීයා යොදා ගන්නවා ඇත්තටම නත්තල් සීයා කවුද? කියාවත් නොදැන අධර්මිශ්ඨ සමාජය ඔහුව විකුණා කනවා...සැබෑ නත්තල සැමරු සාන්ත නිකුලා තුමා දුප්පතුන් සමග තම නත්තල බෙදා හදා ගත් බව නොදැන අසභ්‍ය චායාරූප පවා ඔහුට එක් කර ඔහුව විවේචනය කරයි...වර්තමානයේ ලංකාවේ අන්‍යාගමිකන් පවා ඔහුව විවේචනය කරයි..කිතුණු අප තාඩන,පීඩණ,විවේචන මතින් බිහිවු දහමකී අපි එය ඉවසනවා... ක්‍රි.ව 270 වේදි ඔහු තුර්කියේ උපත ලැබුවේය සාන්ත නිකුලස් තුමා ධනවත් පවුලකින් පැවත ආ කෙනෙකු..ඔහු සියල්ල අත හැර ජේසුස් වහන්සේගේ ගමන සඳහා ඔහු එක් වුවා.. ඔහුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්තාන පෙලක්

1 ඔහු ජනතාව වෙනුවෙන් පෙනී සිට සිරගත වු අවස්තාවන් එමටයි .
2 දෑවැද්ද දීමට නොහැකිව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යෞව්වණියන්ට රන් ආභරණ ලබා දීම .
3 බිලි පුජාව සඳහා ඝාතනයට සූදානම් කල දරුවන්ගේ ජීවිතය බේරාගැනිම .
4 මුහුදේ කුණාටු නිශ්චල කිරීම .
5 ඉඩෝර සමයේදි දිළිඳුන්ට ආහර ලබා දීම.
6 අසාධාරණ ලෙස මරණ දණ්ඩණය නියමවු මිනිසුන් බේරා ගැනීම.
7 නෞකා ආශිර්වාද කිරීම.
8 සාන්ත නිකුලා මුනිදුන් මළවුන්ගෙන් නැගිට වු දරුවන් තිදෙනා සහ දේව වචනය ඇතැතිව .
9 ඔහු නත්තලට දරුවන්ට තෑගි බෙදා දීම.
10 ඔහුගේ ස්වර්ගස්ත වීම මා මෙහි උපුටා දැක්වූවේ සුලුවෙන් මෙතුමා කල සේවය අති මහත්ය..

ශුද්ධවු නිකුලස් මුනිඳුන් ත්‍යාගශීලි,තමන්සතු දේ දිළිඳුන් සමග බෙදාගත් සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් ය. එබැවින් උන්වහන්සේගේ සැබෑ ජීවිතය විකෘතී කරන වෙළන්ඳ ලෝකයෙන් උන්වහන්සේව බේරා ගන්නා ලෙස මෙම ආගමන කාලය තුල අපි දෙවිදුන් යදිමු... ජේසු පිහිටයි වැඩි විස්තර සඳහා http://en.wikipedia.org/wiki/Saint_Nicholas

හිටපු නායක මහේල ජයවර්ධනගේ ජීවිතේ සත්‍ය අනාවරණයක්


- මහේලගේ අපි නොදුටු පැත්ත -

වසර 3කට පෙර ,

දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

" කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.

ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.

ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------------------------------------------------------------------
අද ,

වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.

යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------------------------------------------------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.

මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.

" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "

මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.

--------------------------------------------------------------------------------------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.

" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."

අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.

මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
-------------------------------------------------------------------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.

"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධනයයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.

" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.

ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.

( රයිට් තොම්සන් නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින් )

Thursday, December 27, 2012

මගේ ආදර තාත්තා

You’re My Hero
You’re my hero, my foundation
I’m filled with love, and appreciation
You protect me and care for me
My true friend, my Dad
Deep within my heart
You’ll always be the best man in the world
My hero, my Dad

Life Lessons
You may have thought I didn’t see, or that I hadn’t heard,
Life lessons that you taught to me, but I got every word.
Perhaps you thought I missed it all, and that we’d grow apart,
But Dad, I picked up everything, it’s written on my heart.
Without you, Dad, I wouldn’t be the woman I am today;
You built a strong foundation, no one can take away.
I’ve grown up with your values, and I’m very glad I did;
So here’s to you, dear father, from your forever grateful kid
 






ගෙදර බුදුන් තියලා ඔබේ දෙපා වදින්න
තාත්තේ ඔබ මා ළඟ නෑ මට දැක ගන්න
පියෙන් පියට දුර යන්නට වාරුව දුන්න
ඔබේ සෙනෙහස කියලා බෑ ඉවර කරන්න

දිවා රැයේ සොයා බැලු අප ගැන කරුනු
අනාගතය ගැන කියලා දුන් මහ ලකුණු
දොළොස්මහේ පහණ වගේ දැල්වී නිවුනු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී

කවා පොවා හදා වඩා දුක සැප විමසු
දයාබරව හිස අතගෑ හිතකින් කුළුණු
සොහොන් කොතේ නිදන ඔබේ සුවඳේ රැදුණු
ඔබ සිහිවී හැඬුවා සිත වාවනු බැරී

පව්කාරියට ගල්ගැසිය හැක්‌කේ නිර්දෝෂීන්ට පමණයි!

පව්කාරියට ගල්ගැසිය හැක්‌කේ නිර්දෝෂීන්ට පමණයි!



සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ අසිරිමත් නත්තල උදාවී තිබේ. කිතු උපත පිළිබඳ බයිබලයේ දැක්‌වෙන්නේ නීතිගරුක සමාජයක්‌ ලොව ස්‌ථාපිත වනු දැක්‌මේ අභිලාෂයෙන් දේවෝත්තමයාණන් වහන්සේ සිය පුතණුවන් මෙලොවට එවූ බවය.

සාමයෙන් සහ සහජීවනයෙන් පිරි දේශයකට නීතිගරුක සමාජයක වැදගත්කම උන්වහන්සේ තම වචනයෙනුත් ක්‍රියාවෙනුත් ස්‌ඵුට කළ බව කතෝලික ජනසන්නිවේදන කටයුතු භාර ජාතික අධ්‍යක්‍ෂ ගරු බෙනඩික්‌ ජෝෂප් පියතුමා පැවසීය.

වර්තමාන සමාජයට නත්තල ගෙන එන සාමයේ පණිවුඩය පිළිබඳ ගරු බෙනඩික්‌ ජෝෂප් පියතුමා සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවැත්වූ සාකච්ඡාවකි මේ.

සමාජයේ යහ පැවැත්මට ඉවහල් වන කිතු දහමේ අඩංගු සාරධර්ම මොනවාද?

රටක්‌ සමාජයක්‌ යහමගට යොමුකරන කිතු දහමේ පදනම දසපනතයි. ඒ වගේම ක්‍රිස්‌තුස්‌ වහන්සේ සිදුකළ කන්දඋඩ දේශනාවෙනුත් කිතුනුවෙක්‌ ජීවිතය ගොඩනගා ගත යුත්තේ කෙළෙසද ඔහු සමාජයේ ජීවිත් විය යුත්තේ කෙසේද යන්න ඉතාමත් මැනවින් විග්‍රහ කර තිබෙනවා.

දෙවියන් වහන්සේ වෙත අපි මුළු හදින්ම මුළු සිතින්ම දක්‌වන ගෞරවය ආදරය සමස්‌ත මානව වර්ගයා වෙතම යොමුකළ යුතු බව දස පනතෙහි දැක්‌වෙනවා. තමාට තමා ආදරය කරන තරමටම අන් අය වෙතත් ආදරය ගෞරවය දැක්‌විය යුතු බව කිතු දහමේ ඉගැන්වීමයි.

මට සවන්දෙන ඔබට මා මෙසේ කියමි. ඔබ ඔබේ සතුරාට ප්‍රේම කරන්න. වෛර කරන්නාට යහපතම කරන්න. සාප කරන්නාට සෙත් පතන්න. ඔබේ එක කම්මුලකට පහරදෙන අයට අනෙක්‌ කම්මුලත් හරවන්න.

මේ ආකාරයට කන්දඋඩ දේශනාවෙන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලෝකයට පෙන්වාදුන්නේ සමාව දීමේ වටිනාකමයි.

සතුරන්ට ප්‍රේම කරන්න. යහපත කරන්න. ආපසු ලබන බලාපොරොත්තුවක්‌ නැතිව ණයට දෙන්න. ඉන් ඔබ ලබන පලවිපාක මහත්ය. ඔබ පරමෝක්‌තමයාණන්ගේ පුත්‍රයෝ වන්නක්‌හුය. මන්ද කෙළෙහිගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණික වූහ.

මේ ආකාරයට ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ ඉගැන්වීම් දෙස බලන විට අන්කවරදාකටත් වඩා වර්තමාන සමාජයට උන්වහන්සේගේ මග පෙන්වීම් අවශ්‍යව ඇති බව පෙනෙන්නට තිබෙනවා.

අපේ වර්තමාන සමාජය මුදල් පසුපස ආශාවන් පසුපස, බලය පසුපස ලුහුබඳිනා මිනිසුන් වැඩිදෙනකුගෙන් සමන්විත එකක්‌. කිතුදහමේ මූලික හර පද්ධතීන් සමඟ මේ පිරිස සම්බන්ධ කර ගන්නෙ කොහොමද?

කිතු දහමේ හදවත ගොඩනැඟෙන්නෙ දේවත්වය මුල්කරගෙන. දෙවියන් වහන්සේ කෙනෙක්‌ පිළිබඳ අප තුළ විශ්වාසයක්‌ තිබෙනවා. උන්වහන්සේ ඈත සිටින විනිශ්චයකරුවෙක්‌ වත් දඬුවම් දෙන්නෙක්‌වත් නෙමෙයි. ජනතා ජීවිත අවස්‌ථාවලට සංවේදීව ජනතාවට මෙහෙවරක්‌ කරන්නට කැපවී සිටින කෙනෙක්‌. මිනිසා පාපයට යොමුවුණාට පස්‌සෙ ඒ පාපී බවින් මිනිසාව මුදවල ජීවිතයට විමුක්‌තිය ලබාදීම සඳහා තම ආදර පුතණුවන් වන ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙලොවට එව්වේ ඒ නිසයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙලොවට ඇවිත් හැමවිටම කළේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගැනීම නෙමෙයි.

මා පැමිණි කෙනෙක්‌ නොව එවනු ලැබූ කෙනෙක්‌. දෙවියන්වහන්සේ මා එව්වේ ජනතාවට විමුක්‌තිය උදාකරදීමටයි යන්න වචනයෙන් පමණක්‌ නොව උන්වහන්සේ ක්‍රියාවෙනුත් ඔප්පු කළා. දුගී මගී අසරණයන්ට සරණවෙමින්, නිරාහාරව සිටින්නට ආහාර ලබාදීමෙන්, ලෙඩුන් සුවකිරීමෙන් ආදී සෑම ක්‍රියාවකින්ම උන්වහන්සේ පෙන්නුම් කළේ තමුන් මෙලොවට පැමිණියේ දෙවියන් වහන්සේගේ අභිමත සැබෑ රාජ්‍යය ගොඩනගල සෑම පුද්ගලයකුටම සුවසේ නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක්‌ ඇති කිරීමට බවයි. තම දේශන තුළිනුත් ක්‍රියාවන් තුළිනුන් එය සනාථ කරන්නට උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේගේ දහම සමාජය හා බද්ධවන්නේ උන්වහන්සේට දක්‌වන ආදරය, ගෞරවය හා පීතෲත්වය රකිමින් එය ක්‍රියාවට නැගීමෙනුයි. දුගී දුප්පත් අසරණයන්ට පිහිට වීම වගේම ජීවිතය අඳුරු වළාවන්ට හසුව සිටින්නන් ඉන් මුදාගැනීමට උපකාර කිරීමෙන් උන්වහන්සේ යළිත් සමාජය තුළ ජීවමාන වනවා.

නමුත් අද අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නෙ බිහිසුණු සමාජයක. ජීවිත වටිනාකම් හා සාරධර්ම වේගයෙන් ගිලිහෙමින් යන සමාජයේ මේ ගමන වෙනස්‌ කරන්නට කිතු දහමින් ලබාගත හැකි අනුබලය කවරක්‌ද?

සමාජයක පැවතිය යුතු ඉතාමත්ම වටිනා දේ අවබෝධයයි. නමුත් අද අපේ රට දෙස බලන විට අෙන්‍යාaන්‍ය අවබෝධය ගිලිහී යැම තුළින් ඉතාමත් ශෝචනීය තත්ත්වයකට රට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. රට තුළ නීතිය ගිලිහෙමින් තිබෙන නිසා බලය තිබෙන අය තම තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට පටන් අරන් තියෙනවා. යම් පුද්ගලයෙක්‌ වරදක්‌ කළොත් රටේ සම්මත නීතියට අනුව ඒ පිළිබඳ ක්‍රියා නොකර යම් යම් අවශ්‍යතා මත කටයුතු කරන්නට යැම රටේ සුබසිද්ධියට හේතු වෙන්නෙ නෑ. අද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ.

බල තන්හාවෙන් හා කාමභෝගී දිවි පැවැත්මෙන් අවුල් වී ගිය මේ සමාජය නිරවුල් කරගන්නට කිතුදහමින් කෙබඳු පිටුබලයක්‌ ලබාගත හැකිද?

එක්‌ අවස්‌ථාවක ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේව මාලිගයට යන විට එක්‌තරා පිරිසක්‌ දේව මාලිගාව තුළ විවිධ ජාවාරම් කරමින් විනෝද උත්සව ආදිය පවත්වමින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙසූ දහමට පටහැනි ලෙස කටයුතු කරන සැටි දකිනවා.

දේව භූමිය තුළ එබඳු කටයුතුවලට ඉඩදිය නොහැකි බව පවසමින් උන්වහන්සේ කසයකින් ඒ පිරිසට පහර දෙනවා. දේව සභාව තුළ මේස පුටු ආදිය තබාගෙන නොයෙක්‌ ජාවාරම් කළ ඒ පුද්ගලයන්ගේ බඩු භාණ්‌ඩ කඩා බිඳදමමින් උන්වහන්සේ විශාල කලබැගෑනියක්‌ කරනවා.

එලෙස කටයුතු කිරීමෙන් උන්වහන්සේ පෙන්වාදෙන්නට උත්සාහ කළේ යුක්‌තිය හා සාධාරණත්වය යටපත් කරමින් අයුක්‌තිය හා අසාධාරණය නැගී සිටින විට නිහඬව නොසිටිය යුතු බවයි. උන්වහන්සේ දුන් ආදර්ශය වර්තමාන සමාජය තුළ අපට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට නොහැකි නමුත් වර්තමාන අපේ සමාජය මේ යන ගමන රටේ සුබ සිද්ධියට හේතුවන්නක්‌ නොවන බව අප ප්‍රකාශ කළ යුතුයි. අද තිබෙන්නෙ සමාජ වටිනාකමක්‌ සාරධර්මයක්‌ ලෙස පැවතිය යුතු විනය හා හික්‌මීම වේගයෙන් සමාජයෙන් බැහැර වීම නිසා ඇතිවූ අර්බුදයක්‌. පුද්ගලයන් තුළ ඇතිවන නොයෙක්‌ ආසාවන්, හැඟීම් සංසිඳවාගැනීම සඳහා සමාජ සම්මත ක්‍රම තිබෙනවා. ඒ වගේම ඕනෑම කෙනකුට තමාගේ ජීවිතය දෙස බලල යමක්‌ තමන්ට ගැලපෙන නොගැලපෙන බව ස්‌වේච්ඡාවෙන් තීරණය කිරීමට හැකිවන ආකාරයේ හික්‌මීමක්‌ ඇති කරන ආගමික චින්තනයන් තිබෙනවා. තමුන්ගේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන බහුතරයක්‌ සිටින සමාජයක්‌ අතීතයේ අපේ රටේ තිබුණා. අතීතයේ බොහෝ දෙනා වැරදි කිරීමෙන් වැළකුණේ ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වෙතැයි ඇති වූ බිය නිසා. අද පාපයේ ගැලෙනවා පමණක්‌ නොවෙයි ඊට නීතිමය පහසුකම් ලබාගැනීමට පවා උත්සාහ දරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගබ්සාව නීතිගත කර ගැනීමට දරන වෑයම පෙන්වාදෙන්න පුළුවන්. අද නීති රීති හදාගන්න උත්සාහ කරන්නෙ නිවැරදිව ජීවත්වන්නට නොව අයුතු ලෙස කටයුතු කරන්නට ඉඩ ප්‍රස්‌ථා ලබාගන්නයි.

ආසියාවේ ධර්මද්වීපය හැටියට නමක්‌ දරන රටේ හැමදාම රැකගත යුතු අපේම උරුමයන් තියෙනවා. අපේ ඇවතුම් පැවතුම්, සමාජය තුළ පැවැති පරාර්ථය, එකිනෙකා වෙත දැක්‌වූ කරුණාව, දයාව අපට සොබාදහමින් වගේම ලැබුණා. මෑතක්‌ වනතුරුම ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස අපේ රට පැවතුනේ ඒ නිසා. නමුත් අද අපේ රට අසමගියෙන් බලකාමයෙන් පිරුණු සමාජයක්‌ තිබෙන රටක්‌. මේ තත්ත්වය වෙනස්‌ කරල අපේ රට සමගියෙන් එක්‌සත්කමින් සහජීවනයෙන් යුතු සමාජයක්‌ සහිත රටක්‌ බවට පත්කරන්නට සෑම ආගමික නායකයකුටම විශාල වගකීමක්‌ තිබෙනවා. සෑම ආගමක්‌ම නියෝජනය කරන නායක පිරිස්‌ තමා නියෝජනය කරන ආගමට අනුව අපේක්‍ෂා කරන ජීවිතමග සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සමාජයට ලබාදී තිබෙනවාද යන්නත් පොදු යහපත සඳහා කැපවිය යුතු ආකාරය පිළිබඳ සමාජය මෙහෙයවා ඇද්ද යන්න ගැනත් නැවත සිතා බැලිය යුතුයි.

අද සමාජය තුළ ඇති වී තිබෙන මේ පරිහානි තත්ත්වයට වර්තමාන දේශපාලනයේ අවිචාරවත් ස්‌වභාවය දැඩි බලපෑමක්‌ සිදුකර තිබෙන බව ඇතමුන් දරන මතයක්‌. එහි ස්‌වභාවය වෙනස්‌ නොකර යහ සමාජයක්‌ රට තුළ ස්‌ථාපනය කරගන්න පුළුවන්ද?

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන්ගේ පරම අභිලාෂය වී ඇත්තේ තමා දියුණු වීමයි. සාමාන්‍ය පුද්ගලයන් ලෙස දේශපාලන බීමට එන බොහෝ දෙනා කෙටි කලක්‌ තුළ ධන කුවේරයන් බවට පත්වන සැටි පෙනෙන්නට තිබෙනවා. අද මේ රටේ අගවිනිසුරුතුමිය දූෂිත කාන්තාවක්‌ ලෙස චෝදනා කරන්නට දේශපාලනඥයන් කටයුතු කරන බව පෙනෙනවා. ඇය එබඳු තැනැත්තියක නම් ඇය ඉවත් කළ යුතු වූවත් ඇය කර ඇතැයි කියන දූෂිත ක්‍රියා විභාග කරන දේශපාලනඥයන් කෙබඳු විනිවිද භාවයකින් යුතු අයද? ඡේසුස්‌ වහන්සේ දේවමාලිsගාවට වැඩි අවස්‌ථාවක විනයධරයෝ කාම මිත්‍යාචාරයේ හැසිරෙද්දී හසු වූ ස්‌ත්‍රියක්‌ උන්වහන්සේ වෙතට රැගෙන ආවා. ගුරු දේවයිsනි මේ ස්‌ත්‍රිය කාමමිත්‍යාචාරයෙහි යෙදී සිටියදීම අල්ලා ගත්තා. මෙබඳු අයට ගල්ගසා මරා දමන්නට ව්‍යවස්‌ථාවෙන් අපට අණකොට තිබෙනවා. ඔබවහන්සේ මැය ගැන කියන්නේ කිමෙක්‌දැයි උන්හන්සේගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඔබ අතුරෙන් පවක්‌ නැති තැනැත්තා පළමුකොට ඇයට ගලක්‌ ගසන්නැයි කියාය. එය ඇසූ සියලුදෙනාම ඒ ස්‌ත්‍රිය අතහැර යන්නට ගියා.

සෑම කෙනෙක්‌ගේම අපේක්‍ෂාව විය යුත්තේ ඔවුනොවුන්ගේ සිතැඟිවලට අනුව ජීවිතය සැහැල්ලුවෙන් හා තෘප්තිමත්ව ගත කිරීමයි. එසේ කළ හැක්‌කේ ධනය, බලය ඇතුළු භෞතික සම්පත් රැස්‌කර ගැනීමට ඇති ආශාව අවම වන ආකාරයට කටයුතු කළොත් පමණයි. ඒ සඳහා ආගම දහම කෙරෙහි නිවැරදි නැඹුරුවක්‌ ඇතිකර ගැනීම ඉතාමත් වැදගත්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක